සූරා 2 · ජුස් 2

Al-Baqarah · 2:170

وَإِذَا قِيلَ لَهُمُ اتَّبِعُوا مَا أَنْزَلَ اللَّهُ قَالُوا بَلْ نَتَّبِعُ مَا أَلْفَيْنَا عَلَيْهِ آبَاءَنَا ۗ أَوَلَوْ كَانَ آبَاؤُهُمْ لَا يَعْقِلُونَ شَيْئًا وَلَا يَهْتَدُونَ

තවද අල්ලාහ් පහළ කළ දෑ නුඹලා අනුගමනය කරනු යැයි (ඔවුනට) පවසනු ලැබූ විට නැත! අපගේ මුතුන් මිත්තන් කවර දෙයක් මත සිටියෝ ද එය අපි අනුගමනය කරන්නෙමු යැයි ඔවුහු පවසති. ඔවුන්ගේ මුතුන් මිත්තන් කිසිවක් වටහා නොගෙන තවද යහමඟ නොලැබූ තත්වයක වුව ද (එසේ ඔවුන් අනුගමනය කරති.)

තෆ්සීර්

‘අල්ලාහ් පහළ කළ යහමග හා ආලෝකය පිළිපදිනු’ යැයි සත්යය ප්රතික්ෂේප කරන මොවුන්හට පවසනු ලැබූ විට ඔවුහු හිතුවක්කාර ලෙසින්: ‘අපි අපගේ මුතුන්මිත්තන් කවර ප්රතිපත්තියක හා සංකල්පයක සිටියේද එයම අපි අනුගමනය කරමු යැයි පැවසූහ. ඔවුන්ගේ මුතුන්මිත්තන් යහමග හා ආලෝකය පිළිබඳ කිසිදු අවබෝධයක් නොලබා සිටියදී අල්ලාහ් තෘප්තියට පත් වන සත්යය වෙත ඔවුන් මග පෙන්වනු නොලැබූ තත්ත්වයක ඔවුහු ඔවුන් අනුගමනය කරන්නෝද?

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න