සූරා 2 · ජුස් 2
Al-Baqarah · 2:161
إِنَّ الَّذِينَ كَفَرُوا وَمَاتُوا وَهُمْ كُفَّارٌ أُولَٰئِكَ عَلَيْهِمْ لَعْنَةُ اللَّهِ وَالْمَلَائِكَةِ وَالنَّاسِ أَجْمَعِينَ
නියත වශයෙන්ම ප්රතික්ෂේප කොට දේව ප්රතික්ෂේපකයින් ලෙස සිටිය දී මියගියවුන් වන ඔවුනට අල්ලාහ්ගේ ද දේව දූතයින්ගේ ද මිනිසුන් සියල්ල ගේ ද ශාපය ඇත. (එහෙයින් ඔවුන් නිරයට ඇතුල් වනු ඇත.)
තෆ්සීර්
නියත වශයෙන්ම සත්යය ප්රතික්ෂේප කොට ඒ ගැන පසුතැවිලි වී සමාව ලබන්නට පෙර එම ප්රතික්ෂේපය මත ම මිය ගිය ඇත්තන් වනාහි අල්ලාහ්ගේ කරුණාවෙන් ඔවුන් ඉවත් ව ඔහුගේ ශාපයට ලක් වනු ඇත. එමෙන්ම අල්ලාහ්ගේ කරුණාවෙන් බැහැර කරන මෙන්ද ඉන් දුරස් කරන මෙන්ද මලක්වරු හා සියලු මිනිසුන් පවා ඔවුනට එරෙහිව ප්රාර්ථනා කරනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න