සූරා 2 · ජුස් 2
Al-Baqarah · 2:145
وَلَئِنْ أَتَيْتَ الَّذِينَ أُوتُوا الْكِتَابَ بِكُلِّ آيَةٍ مَا تَبِعُوا قِبْلَتَكَ ۚ وَمَا أَنْتَ بِتَابِعٍ قِبْلَتَهُمْ ۚ وَمَا بَعْضُهُمْ بِتَابِعٍ قِبْلَةَ بَعْضٍ ۚ وَلَئِنِ اتَّبَعْتَ أَهْوَاءَهُمْ مِنْ بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ ۙ إِنَّكَ إِذًا لَمِنَ الظَّالِمِينَ
දේව ග්රන්ථය දෙනු ලැබූවනට නුඹ සෑම සාධකයක්ම ගෙන හැරපෑව ද ඔවුහු නුඹගේ කිබ්ලා (දිශාව) අනුගමනය නොකළහ. එසේම නුඹ ද ඔවුන්ගේ කිබ්ලා ව අනුගමනය කරන්නෙකු නොවේ. තවද ඔවුන්ගෙන් සමහරෙකු සමහරෙකුගේ කිබ්ලාව අනුගමනය කරන්නන් නොවෙති. තවද නුඹට ඥානය පැමිණි පසුව නුඹ ඔවුන්ගේ මනෝ ආශාවන් අනුගමනය කළෙහි නම් එවිට නියත වශයෙන්ම නුඹ අපරාධකරුවන් අතුරින් වන්නෙහිය.
තෆ්සීර්
අල්ලාහ් මත දිවුරා පවසමි. අහෝ! නබිවරය, සැබැවින්ම කිබ්ලා දිශාව වෙනස් කිරීම සත්යයක් බව තහවුරු කරමින් නුඹ දහම් ලත් යුදෙව්වන් හා කිතුනුවන්හට කෙතරම් සාධක හා සංඥා ගෙන ආවත් නුඹ ගෙන ආ දෑට හිතුවක්කාරකම් පා සත්ය පිළිපැදීමට උඩගු වී නුඹගේ කිබ්ලා දිශාවට ඔවුහු හැරෙන්නේ නැත. ඔබ ව අල්ලාහ් ඔවුන්ගේ දිශාවෙන් වෙනස් කළ පසු නැවත ඒ වෙත හැරී මුහුණලෑම නුඹට සුදුසු නැත. ඔවුන් ඇතැමෙක් ද ඇතැමෙකුගේ දිශාවට මුහුණලන්නේ නැත. හේතුව ඔවුන්ගෙන් ඇතැම් පිරිස් අනෙක් පිරිස ප්රතික්ෂේප කරන බැවිනි. කිසිදු සැකයකට ඉඩක් නැති නිවැරදි දැනුම නුඹ වෙත පැමිණි පසු ව කිබ්ලා විෂයයෙහි හා වෙනත් ආගමික පිළිවෙත් හා නීතිරීති වලදී ඔවුන්ගේ ආශාවන් නුඹ පිළිපදින්නේ නම් සැබැවින්ම එසේ නුඹ යහමග අතහැර දැමූ හේතුවෙන් හා ආශාවන් පිළිපැදීම හේතුවෙන් අපරාධකරුවන් අතරට පත් වන්නෙහිය. මෙම ප්රකාශය නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාහට ඔවුන් පිළිපැදීමේ පිළිකුල්භාවය පෙන්වා දෙන සාධක වන්නේය. එසේ නොමැති නම් සැබැවින්ම අල්ලාහ් ඔහුගේ නබිවරයා එයින් ආරක්ෂා කර ඇත. මෙය එතුමාගෙන් පසු එතුමාගේ සමූහයට කෙරෙන අවවාදයකි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න