සූරා 2 · ජුස් 1

Al-Baqarah · 2:136

قُولُوا آمَنَّا بِاللَّهِ وَمَا أُنْزِلَ إِلَيْنَا وَمَا أُنْزِلَ إِلَىٰ إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ وَيَعْقُوبَ وَالْأَسْبَاطِ وَمَا أُوتِيَ مُوسَىٰ وَعِيسَىٰ وَمَا أُوتِيَ النَّبِيُّونَ مِنْ رَبِّهِمْ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِنْهُمْ وَنَحْنُ لَهُ مُسْلِمُونَ

“අපි අල්ලාහ් ව විශ්වාස කළෙමු. තව ද අප වෙත පහළ කළ දෑ ද ඉබ්‍රාහීම් ඉස්මාඊල් ඉස්හාක් යඃකූබ් හා අස්බාත් (හෙවත් ඔවුන් ගේ පරපුර) වෙත පහළ කළ දෑ ද මූසා හා ඊසා වෙත පිරිනමනු ලැබූ දෑ ද තම පරමාධිපතිගෙන් නබි වරුන් ට පිරිනමනු ලැබූ දෑ ද විශ්වාස කළෙමු. ඔවුන් අතුරින් කිසිවෙකු ව අපි වෙන් නොකළෙමු තව ද අපි ඔහු ට අවනත වූවෝ වෙමු.” යැයි නුඹලා පවසනු.

තෆ්සීර්

අහෝ දෙවියන් විශ්වාස කරන මුඃමින්වරුනි, මෙම වැරදි ඇරයුම කරන යුදෙව් හා කිතුනු ජනතාවට මෙසේ පවසනු: අපි අල්ලාහ් විශ්වාස කළෙමු. අප වෙත පහළ කළ කුර්ආනය ද විශ්වාස කළෙමු. එමෙන්ම ඉබ්රාහීම් හා ඔහුගේ පුතුන් වන ඉස්මාඊල් ඉස්හාක් හා යඃකූබ් වෙත පහළ කළ දෑද විශ්වාස කළෙමු. යඃකූබ්ගේ දරුවන්ගෙන් පැවත ආ නබිවරුන්ට පහළ කළ දෑද විශ්වාස කළෙමු. අල්ලාහ් මූසා තුමාට පිරිනැමූ තව්රාත් හෙවත් තෝරාවද විශ්වාස කළෙමු. ඊසාට පිරිනැමූ ඉන්ජීලයද විශ්වාස කළෙමු. සියලු නබිවරුන්ට අල්ලාහ් පිරිනැමූ පුස්තක පිළිබඳ විශ්වාස කළෙමු. ඔවුන් කිසිවකු අතර වෙනස්කම් නොකරන්නෙමු. ඔවුන්ගෙන් පිරිසක් විශ්වාස කොට තවත් පිරිසක් ප්රතික්ෂේප නොකරන්නෙමු. ඔවුන් සියලු දෙනාව එකසේ විශ්වාස කරන්නෙමු. ශුද්ධ වූ අල්ලාහ්ට පමණක් යටහත් පහත් වන්නෙමු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න