සූරා 2 · ජුස් 1

Al-Baqarah · 2:129

رَبَّنَا وَابْعَثْ فِيهِمْ رَسُولًا مِنْهُمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِكَ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَيُزَكِّيهِمْ ۚ إِنَّكَ أَنْتَ الْعَزِيزُ الْحَكِيمُ

“අප ගේ පරමාධිපතියාණනි! තව ද ඔබ ගේ වැකි ඔවුන ට පාරායනය කර පෙන් වන දේව ග්‍රන්ථය හා ප්‍රඥා ව ඔවුන ට උගන් වන ඔවුන් ව පිවිතුරු කරන ඔවුන්ගෙන් ම වූ ධර්ම දූතයෙකු ඔවුන් අතර ට එවනු මැනව! සැබැවින් ම සර්ව බලධාරී මහා ප්‍රඥාවන්ත වන්නේ ඔබම ය.” (යනුවෙන් ඉබ්‍රාහීම් නබි තුමා ප්‍රාර්ථනා කළහ.)

තෆ්සීර්

අපගේ පරමාධිපතියාණනි, ඔවුන් අතර ඉස්මාඊල්ගේ පරම්පරාවෙන් දූතයකු එවනු මැනව! පහළ කරනු ලබන ඔබේ වදන් ඔහු ඔවුනට පාරායනය කර පෙන්වන කුර්ආනය හා නියම පිළිවෙත ඔවුනට උගන්වන ආදේශ කිරීමෙන් හා පහත් ක්රියාවන්ගෙන් ඔවුන් පිරිසිදු කරන දූතයකු එවනු මැනව! සැබැවින්ම ඔබ බලසම්පන්නය. සියල්ල අබිබවා යන්නාය. ඔබේ සියලු ක්රියාවන් හා ඔබේ තීන්දු තීරණවලදී ඔබ මහා ප්රඥාවන්තය... යනුවෙන් ප්රාර්ථනා කළෝය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න