සූරා 2 · ජුස් 1

Al-Baqarah · 2:124

۞ وَإِذِ ابْتَلَىٰ إِبْرَاهِيمَ رَبُّهُ بِكَلِمَاتٍ فَأَتَمَّهُنَّ ۖ قَالَ إِنِّي جَاعِلُكَ لِلنَّاسِ إِمَامًا ۖ قَالَ وَمِنْ ذُرِّيَّتِي ۖ قَالَ لَا يَنَالُ عَهْدِي الظَّالِمِينَ

ඉබ්‍රාහීම් ව ඔහු ගේ පරමාධිපති වදන් කිහිපයකින් පිරික්සුම ට ලක් කළ අවස්ථා ව (සිහිපත් කරනු.) එවිට ඔහු ඒවා සම්පූර්ණ කළේ ය. සැබැවින් ම මම නුඹ ව ජනයා ට මෙහෙයුම් කරුවෙකු ලෙස පත් කරන්නෙමි යැයි ඔහු (අල්ලාහ්) පැවසීය. මාගේ පරපුරින් ද (එසේ පත් කරනු මැනව!) යැයි ඔහු (ඉබ්‍රාහීම්) පැවසීය. අපරාධකරුවන් ට මාගේ ගිවිසුම හිමි නොවන්නේ යැයි ඔහු පැවසීය.

තෆ්සීර්

ඉබ්රාහීම් අලය්හිස් සලාම් තුමා හට අල්ලාහ් නියම කළ නීති හා වගකීම් තුළින් එතුමාණන් පරීක්ෂාවට ලක් කළ අවස්ථාව මෙනෙහි කර බලනු. එවිට එතුමා එය පරිපූර්ණව ඉටු කරන්නට නැගී සිටියහ. අල්ලාහ් තම නබිවරයා වූ ඉබ්රාහීම් අමතා: ‘සැබැවින්ම ජනයා නුඹගේ ක්රියාදාමයන් හා ගතිගුණ දෙස බලා ඒ වෙත තම අවධානය යොමු කොට නුඹව පිළිපදින්නට හැකි ආදර්ශමත් පුද්ගලයකු බවට මිනිසුන් හමුවේ මම නුඹව පත් කරමි’ යැයි පැවසීය. එවිට ඉබ්රාහීම් තුමා: ‘අහෝ මාගේ පරමාධිපතියාණනි, මාගේ පරම්පරාවෙන්ද ජනයා පිළිපදින සමූහයක් ඇති කරනු’ යැයි ප්රාර්ථනා කළහ. අල්ලාහ් ඔහුට පිළිතුරු දෙමින්: ‘දහම මෙහෙයවීම සම්බන්ධයෙන් මා නුඹ සමග ඇති කර ගත් ගිවිසුම නුඹේ පරම්පරාවේ අපරාධකරුවන්හට නොලැබේ’ යැයි පැවසීය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න