සූරා 2 · ජුස් 1
Al-Baqarah · 2:121
الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَتْلُونَهُ حَقَّ تِلَاوَتِهِ أُولَٰئِكَ يُؤْمِنُونَ بِهِ ۗ وَمَنْ يَكْفُرْ بِهِ فَأُولَٰئِكَ هُمُ الْخَاسِرُونَ
කවරෙකු ට අප දේව ග්රන්ථය පිරිනැමුවේ ද ඔවුන් එය පාරායනය කළ යුතු නියම අයුරින් පාරායනය කරති. ඔවුහු එය විශ්වාස කරති. තව ද කවරෙක් එය ප්රතික්ෂේප කරන්නෝ ද එවැන්නන් වන ඔවුහුම ය අලාභවන්තයෝ.
තෆ්සීර්
පෙර පහළ කරනු ලැබූ පුස්තක අතර තම අතෙහි ඇති දෑ -තව්රාත් හා ඉන්ජීල්- පිළිබඳ මනා අවබෝධයක් ඇති එය නියම අයුරින් පිළිපදින ආගම් ලත් පිරිසක් පිළිබඳ ශුද්ධ වූ අල් කුර්ආනය කතා කරයි. මොවුහු නබි මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ සත්ය භාවය පෙන්වා දෙන එතුමාණන් තහවුරු කරන සලකුණු එම පුස්තකයන්හි දුටුහ. එහෙයින් එතුමාණන් ගැන විශ්වාස කරන්නට යුහුසුළු වූහ. තවත් පිරිසක් එය ප්රතික්ෂේප කිරීමෙහි දැඩිව සිටියහ. ඔවුනට අලාභය හිමි විය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න