සූරා 2 · ජුස් 1
Al-Baqarah · 2:116
وَقَالُوا اتَّخَذَ اللَّهُ وَلَدًا ۗ سُبْحَانَهُ ۖ بَلْ لَهُ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ كُلٌّ لَهُ قَانِتُونَ
තව ද අල්ලාහ් පුතෙකු ගත්තේ යැයි ඔවුහු පැවසූහ. (ඔවුන් පවසන දැයින්) ඔහු සුවිශුද්ධ ය. එසේ නොව අහස් හි හා මහපොළොවෙ හි ඇති දෑ ඔහු සතු ය. සියල්ල ඔහු ට අවනත වන්නන් ය.
තෆ්සීර්
‘අල්ලාහ් දරුවකු ගෙන ඇතැ’යි කිතුනුවන් යුදෙව්වන් මෙන්ම දෙවියන්ට ආදේශ කරන්නන් පවසා සිටිති. ඔහු එම ප්රකාශයෙන් සුවිශුද්ධය; පිවිතුරුය. කිසිදු මැවීමක අවශ්යතාවක් ඔහුට නැත. දරුවකු ගත යුත්තේ එසේ අවශ්යතාවක් ඇත්තෙකි. නමුත් අහස් හා මහපොළොවේ සියලු රාජ්යයන් ඔහු සතුය. සියලු මැවීම් ඔහුට වහල්ය. ඔහු පිවිතුරුය. සියලු දෙනා යටහත් වන්නේ ඔහුටමය. ඔහු අභිමත කරන පරිදි ඔහු ඔවුන් අතර ක්රියා කරයි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න