සූරා 2 · ජුස් 1
Al-Baqarah · 2:112
بَلَىٰ مَنْ أَسْلَمَ وَجْهَهُ لِلَّهِ وَهُوَ مُحْسِنٌ فَلَهُ أَجْرُهُ عِنْدَ رَبِّهِ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ
එසේ නොව කවරෙක් දැහැමියෙකු ව සිට තම මුහුණ අල්ලාහ් ට අවනත කළේ ද එවිට ඔහු ට ඔහු ගේ ප්රතිඵල ඔහු ගේ පරමාධිපති අබියස හිමි වනු ඇත. ඔවුන ට කිසිදු බියක් නොමැත. තව ද ඔවුන් දුක ට පත් වන්නේ ද නැත.
තෆ්සීර්
ස්වර්ගයට පිවිසෙනුයේ අල්ලාහ් වෙත පමණක් යොමු වූ අවංක කෙනෙකි. ඔහු තම නැමදුම්වල දහම් දූතයාණන් ගෙන ආ දෑ පිළිපදිමින් අවංක ලෙසින් ඒවා ලස්සනට ඉටු කරයි. කවර පිරිසකට අයත් අයකු වූවත් ස්වර්ගයට පිවිසෙනුයේ එවැනි අයෙකි. ඔහුගේ පරමාධිපති අබියස ඔහු සතු තිළිණ ඇත. මතුලොවෙහි එවැන්නන් මුහුණ දෙන දෑ ගැන ඔවුනට කිසිදු බියක් නැත. මෙලොවෙහි ඔවුනට අතපසු වූ දෑ පිළිබඳ දුකට පත්වන්නේද නැත. මුහම්මද් සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාගේ ඇවෑමෙන් පසු මෙම වර්ණනාවන්ට හිමි පුද්ගලයින් වූයේ මුස්ලිම්වරුන් පමණි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න