සූරා 2 · ජුස් 1
Al-Baqarah · 2:110
وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ ۚ وَمَا تُقَدِّمُوا لِأَنْفُسِكُمْ مِنْ خَيْرٍ تَجِدُوهُ عِنْدَ اللَّهِ ۗ إِنَّ اللَّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
තව ද නුඹලා සලාත ය ස්ථාපිත කරනු. zසකාතය ද දෙනු. නුඹලා වෙනුවෙන් නුඹලා යම් යහපතක් ඉදිරිපත් කර ඇත්නම් අල්ලාහ් අබියස එය නුඹලා දැක ගනු ඇත. සැබැවින් ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව සර්ව නිරීක්ෂක ය.
තෆ්සීර්
සලාතය එහි ඇති අර්කාන් හෙවත් මූලිකාංග, වාජිබාත් හෙවත් අනිවාර්යය කරුණු හා සුනන් හෙවත් නබි පිළිවෙත අනුගමනය කරමින් පූර්ණව ඉටු කරනු. නුඹලාගේ ධනයෙන් සකාත් ලැබිය යුත්තන් හට සකාත් නිකුත් කරනු. ඒ සමඟම නුඹලාගේ ජීවිතයේ යහකම් ඉටු කරනු. නුඹලාගේ මරණයට පෙර නුඹලා වෙනුවෙන් ඒවා ඉදිරිපත් කොට රැස්කර ගනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාගේ පරමාධිපති අබියස එහි ප්රතිඵල නුඹලා දකිනු ඇත. ඒ වෙනුවෙන් නුඹලාට ඔහු ප්රතිඵල පිරිනමයි. සැබැවින්ම අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ මැනවින් නිරීක්ෂණය කරන්නාය. සෑම ක්රියාවක් සඳහාම ඔහු ප්රතිඵල පිරිනමනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න