සූරා 19 · ජුස් 16
Maryam · 19:17
فَاتَّخَذَتْ مِنْ دُونِهِمْ حِجَابًا فَأَرْسَلْنَا إِلَيْهَا رُوحَنَا فَتَمَثَّلَ لَهَا بَشَرًا سَوِيًّا
ඇය ඔවුන්ගෙන් වෙන් ව තිරයක් ගත්තාය. එවිට අපි ඇය වෙත අපගේ ප්රාණය (හෙවත් ජිබ්රීල් මලක්වරයා) එව්වෙමු. එවිට ඔහු ඍජු (සජීවී) මිනිසෙකු වෙසින් ඇය වෙත පෙනී සිටියේය.
තෆ්සීර්
ඇය තම පරමාධිපතිට ඉටු කරන නැමදුම් තත්ත්වයන් ඇයගේ ජනයාට නොපෙනෙන සේ ඔවුන්ගෙන් තොර ව ආවරණයක් ඇය වෙනුවෙන් සකසා ගත්තාය. එවිට අපි ඇය වෙත ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමාව අපි එව්වෙමු. පූර්ණවත් හැඩයෙන් යුත් මිනිසෙකුගේ හැඩරුවෙන් ඇය ඉදිරියේ ඔහු දිස්විය. ඇයට යම් හිංසාවක් කරනු ඇතැයි ඇය බිය වූවාය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න