සූරා 18 · ජුස් 16

Al-Kahf · 18:86

حَتَّىٰ إِذَا بَلَغَ مَغْرِبَ الشَّمْسِ وَجَدَهَا تَغْرُبُ فِي عَيْنٍ حَمِئَةٍ وَوَجَدَ عِنْدَهَا قَوْمًا ۗ قُلْنَا يَا ذَا الْقَرْنَيْنِ إِمَّا أَنْ تُعَذِّبَ وَإِمَّا أَنْ تَتَّخِذَ فِيهِمْ حُسْنًا

හිරු අවරට යන ස්ථානයට ඔහු ළඟා වූ විට රත් වූ කළු මඩ සහිත ස්ථානයෙහි එය අවරට යනු ඔහු දුටුවේය. තවද ඒ අසල සිටි පිරිසක් ද ඔහු දුටුවේය. අහෝ ! දුල් කර්නයින් නුඹ දඬුවම් කරනු. නැතහොත් ඔවුන් අතර යහපත් අයුරින් කටයුතු කරනු යැයි අපි පැවසුවෙමු.

තෆ්සීර්

හිරු අවරට යන දෙසින් මහපොළොවේ අවසානය ළඟා වන තෙක් ඔහු එහි ගමන් ගත්තේය. කළු මැටි සහිත උණුසුම් උල්පතක සැඟවී යන්නාක් මෙන් එය ඔහුගේ දෑසට පෙණුනි. තවද හිරු අවරට යන ස්ථානයේ දේවත්වය ප්රතික්ෂේප කළ පිරිසක් ද දුටුවේය. "අහෝ දුල් කර්නයින්! ඔවුන් මරා දමා හෝ වෙනත් ක්රියාමාර්ගයකින් ඔවුනට දඬුවම් කිරීම හෝ එසේ නැතහොත් ඔවුන් වෙත යහපත් ආකාරයෙන් කටයුතු කිරීම යනාදියෙන් ඔබ කැමති පියවරක් තෝරා ගන්නැ" යි අපි ඔහුට පැවසුවෙමු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න