සූරා 18 · ජුස් 16

Al-Kahf · 18:80

وَأَمَّا الْغُلَامُ فَكَانَ أَبَوَاهُ مُؤْمِنَيْنِ فَخَشِينَا أَنْ يُرْهِقَهُمَا طُغْيَانًا وَكُفْرًا

තවද දරුවා වූ කලී, ඔහුගේ දෙමාපියන් දේව විශ්වාසවන්තයින් දෙදෙනකු වූහ. එහෙයින් සීමාව ඉක්මවා යමින් හා දේව ප්‍රතික්ෂේප භාවයෙන් ඔවුන් දෙදෙනාට ඔහු බරපතළකම් සිදු කිරීම ගැන අපි බිය වූයෙමු.

තෆ්සීර්

"මා දරුවා මරා දමන අවස්ථාවේ ඒ ගැන නුඹ හෙළා දුටු එම දරුවා වනාහි, ඔහුගේ දෙමාපියන් දෙවියන් විශ්වාස කරන්නන් වූහ. අල්ලාහ්ගේ දැනුමෙහි ඔහු දෙවියන් ප්රතික්ෂේප කරන්නෙකු විය. එහෙයින් ඔහු වැඩි වියට පත් වූයේ නම් ඔවුන් දෙදෙනා අල්ලාහ්ට ප්රතික්ෂේප කිරීමට සලස්වනු ඇතැයි ද, ඔවුන් දෙදෙනා ඔහු මත තබා ඇති ඉමහත් ආදරය හා ඉමහත් අවශ්යතාව හේතුවෙන් බරපතල අපරාධ සිදු කරනු ඇතැයි අපි බියවීමු."

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න