සූරා 18 · ජුස් 16
Al-Kahf · 18:78
قَالَ هَٰذَا فِرَاقُ بَيْنِي وَبَيْنِكَ ۚ سَأُنَبِّئُكَ بِتَأْوِيلِ مَا لَمْ تَسْتَطِعْ عَلَيْهِ صَبْرًا
මා අතර හා ඔබ අතර වෙන්වීමය මෙය. ඔබ කවර දෙයක් මත ඉවසා සිටීමට නොහැකි වූද එහි යථාර්ථය මම නුඹට දන්වමි යැයි ඔහු පැවසුවේය.
තෆ්සීර්
හිළර් තුමා මූසා තුමාට, "තාප්පය කෙළින් කිරීම සඳහා මා කුලියක් ලබා නොගැනීම සම්බන්ධයෙන් නුඹ කළ මෙම විරෝධය මා අතර හා නුඹ අතර වෙන් වීමේ ස්ථානයයි. මම කවර කරුණක් ක්රියාත්මක කරනු නුඹ දුටුවේ ද එවන් දෑ මත නුඹ ඉවසා සිටීමට නොහැකි වූ දෑ පිළිබඳ විස්තරය මම නුඹට දන්වා සිටිමි" යැයි පැවසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න