සූරා 18 · ජුස් 15

Al-Kahf · 18:74

فَانْطَلَقَا حَتَّىٰ إِذَا لَقِيَا غُلَامًا فَقَتَلَهُ قَالَ أَقَتَلْتَ نَفْسًا زَكِيَّةً بِغَيْرِ نَفْسٍ لَقَدْ جِئْتَ شَيْئًا نُكْرًا

පසු ව දෙදෙනාම ගමන් ගත්හ. එය ඔවුන් දෙදෙනා දරුවකු මුණ ගැසෙන තෙක් විය. එවිට ඔහු ඔහු ව මරා දැමුවේය. කිසිදු ප්‍රාණ අයිතියකින් තොර ව පිවිතුරු ආත්මයක් ඔබ මරා දැමුවෙහි ද? ඔබ පිළිකුල් සහගත කරුණක් ගෙන ආවෙහිය යැයි පවසා සිටියේය.

තෆ්සීර්

ඔවුන් දෙදෙනා නැවෙන් ගොඩ බැස්සායින් පසු වෙරළ තීරයෙහි ගමන් ගත්හ. එවිට කුඩා දරුවන් සමග සෙල්ලම් කරමින් සිටි වැඩිවියට පත් නොවූ දරුවකු ඔවුන් දෙදෙනාම දුටුහ. හිළර් තුමා ඔහු ව මරා දැමීය. එවිට මූසා එතුමාට, "කිසිදු වරදකින් තොර ව වැඩිවියට පත් නොවූ පිවිතුරු ආත්මයක් නුඹ මරා දැම්මෙහි ද?. නුඹ පිළිකුල් සහගත කරුණක් සිදු කර ඇත්තෙහිය" යැයි පැවසීය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න