සූරා 18 · ජුස් 15

Al-Kahf · 18:71

فَانْطَلَقَا حَتَّىٰ إِذَا رَكِبَا فِي السَّفِينَةِ خَرَقَهَا ۖ قَالَ أَخَرَقْتَهَا لِتُغْرِقَ أَهْلَهَا لَقَدْ جِئْتَ شَيْئًا إِمْرًا

පසු ව ඔවුන් දෙදෙනා ගමන් ගත්හ. එය ඔවුන් දෙදෙනා නැවේ ගොඩ වී ගමන් ගන්නා තෙක් විය. ඔහු එය සිදුරු කළේය. එහි වූ වැසියන් ඔබ ගිල්වනු පිණිස ඔබ එය සිදුරු කළෙහි ද? සැබැවින්ම ඔබ මහත් වූ කරුණක් වෙත පැමිණියෙහිය යැයි ඔහු පැවසුවේය.

තෆ්සීර්

ඒ සඳහා ඔවුන් දෙදෙනාම එකඟ වූ පසු නැවක් දකින තෙක් වෙරළ තීරයේ ඔවුන් දෙදෙනා ගමන් ගත්හ. හිළර් තුමාට ඇති ගෞරවය හේතුවෙන් කිසිදු කුලියකින් තොර ව ඔවුන් දෙදෙනා එයට ගොඩ වී ගමන් ගත්හ. එවිට හළිර් තුමා නැවෙහි ඇති ලෑලි අතරින් ලෑල්ලක් පළුඳු කර දිගු පැල්මක් ඇති කළේය. එවිට මූසා ඔහුට, "කිසිදු කුලියක් නොගෙන අප ව ප්රවාහනය කරන එම නැවේ අයිතිකරුවන්ගේ නැව ඔවුන් දියේ ගිලී යන පරිදි නුඹ පළුඳු කළෙහි ද? සැබැවින්ම ඔබ බරපතළ කරුණක් සිදු කර ඇත්තෙහිය," යැයි පැවසීය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න