සූරා 18 · ජුස් 15

Al-Kahf · 18:61

فَلَمَّا بَلَغَا مَجْمَعَ بَيْنِهِمَا نَسِيَا حُوتَهُمَا فَاتَّخَذَ سَبِيلَهُ فِي الْبَحْرِ سَرَبًا

ඒ දෙක අතර එක් වන තැනට ඔවුන් දෙදෙනා ළඟා වූ කල්හි ඔවුන් දෙදෙනාගේ මත්සයා ඔවුන් දෙදෙනාට අමතක විය. ඌ උගේ මාර්ගය මුහුදෙහි උමගක් ලෙසින් ගත්තේය.

තෆ්සීර්

දෙදෙනාම ගමන් ගත්තෝය. සාගර දෙක එකිනෙක හමුවන ස්ථානයට ළඟා වූවෝය. ඔවුන් වෙනුවෙන් ඔවුන් ගමන් භාණ්ඩයක් ලෙස ගෙන ගිය ඔවුන් දෙදෙනාගේ මත්සයා ඔවුන් දෙදෙනාට අමතක වීය. අල්ලාහ් එම මත්සයාට ජීවය දුන්නේය. උමගක් මෙන් මුහුදේ මාර්ගයක් ඌ තනා ගත්තේය. ඒ සමග ජලය නොබැඳින.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න