සූරා 18 · ජුස් 15
Al-Kahf · 18:42
وَأُحِيطَ بِثَمَرِهِ فَأَصْبَحَ يُقَلِّبُ كَفَّيْهِ عَلَىٰ مَا أَنْفَقَ فِيهَا وَهِيَ خَاوِيَةٌ عَلَىٰ عُرُوشِهَا وَيَقُولُ يَا لَيْتَنِي لَمْ أُشْرِكْ بِرَبِّي أَحَدًا
තවද ඔහුගේ පලදාව (විනාශයෙන්) වෙළා ගනු ලැබීය. ඒ සඳහා තමන් වියදම් කර තිබිය දී එහි උඩුවියන ද ගරා වැටී තිබිය දී (ඒ ගැන කනස්සල්ලට පත් ව) තම දෙඅත් පෙරළමින් ‘ අහෝ ! මාගේ විනාශය ! මම මාගේ පරමාධිපතිට කිසිවකු ආදේශ නොකර සිටියේ නම්’ යැයි පවසන්නෙකු බවට පත් විය.
තෆ්සීර්
දේව විශ්වාසියා බලාපොරොත්තු වූ දෑ ස්ථීර විය. දේව ප්රතික්ෂේපකයාගේ වත්තෙහි ඇති පළදාව වටා විනාශය ආවරණය විය. එහි ගොඩනැගිලි හා එය සකස් කිරීම සඳහා තමන් වියදම් කළ ධනය පිළිබඳ දැඩි කණස්සල්ලට හා පසුතැවිල්ලට පත්ව, දේව ප්රතික්ෂේපකයා තම අත් පෙරළන්නට විය. මිදි වැල් විහිදී නොයන සේ එහි මුල් සමගම වත්ත වැටී තිබිණ. ඔහු, "අහෝ මා මාගේ පරමාධිපති පමණක් විශ්වාස කොට නැමදුමෙහි වෙනත් කිසිවෙකු ඔහු සමග හවුල් නොරකන්නට තිබුණා නොවේදැ?" යි පවසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න