සූරා 18 · ජුස් 15
Al-Kahf · 18:39
وَلَوْلَا إِذْ دَخَلْتَ جَنَّتَكَ قُلْتَ مَا شَاءَ اللَّهُ لَا قُوَّةَ إِلَّا بِاللَّهِ ۚ إِنْ تَرَنِ أَنَا أَقَلَّ مِنْكَ مَالًا وَوَلَدًا
නුඹ නුඹේ උයනට පිවිසුණු විට මාෂා අල්ලාහු ලා කුව්වත ඉල්ලා බිල්ලාහ් (අල්ලාහ් අභිමත කරන අයුරිනි. අල්ලාහ්ගෙන් තොර ව මිස කිසිදු ශක්තියක් නොමැත) යැයි පැවසිය යුතු නොවේ ද? ධනයෙන් හා දරුවන්ගෙන් නුඹට වඩා අඩු කෙනෙකු ලෙස නුඹ මා දුටුවද!
තෆ්සීර්
නුඹ නුඹේ වත්තට පිවිසෙන විට, "මාෂා අල්ලාහ් ලා කුව්වත ලිඅහදින් ඉල්ලා බිල්ලාහ්, -අල්ලාහ් අභිමත කරන අයුරිනි. අල්ලාහ්ගෙන් තොර ව මිස කිසිදු ශක්තියක් කිසිවකුට හෝ නොමැත - යැයි පැවසිය යුතු නොවේ ද? නුඹට වඩා දුප්පතෙකු හා දරුවන්ගෙන් අඩු කෙනෙකු ලෙස නුඹ මා දුටුව ද, ඔහු තමන් අභිමත කරන දේ සිදු කරන්නාය, බලවතාය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න