සූරා 18 · ජුස් 15

Al-Kahf · 18:32

۞ وَاضْرِبْ لَهُمْ مَثَلًا رَجُلَيْنِ جَعَلْنَا لِأَحَدِهِمَا جَنَّتَيْنِ مِنْ أَعْنَابٍ وَحَفَفْنَاهُمَا بِنَخْلٍ وَجَعَلْنَا بَيْنَهُمَا زَرْعًا

මිනිසුන් දෙදෙනෙකුගේ උපමාව නුඹ ඔවුනට ගෙන හැර පානු. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකුට අපි මිදි වලින් යුත් උයන් දෙකක් ඇති කළෙමු. ඒ දෙක ඉඳි ගස්වලින් වට කළෙමු. තවද අපි ඒ දෙක අතර කෙත් යායක් ඇති කළෙමු.

තෆ්සීර්

අහෝ දූතය! දේවත්වය ප්රතික්ෂේ කරන්නා හා දේවත්වය විශ්වාස කරන්නා යන මිනිසුන් දෙදෙනාහට උපමා ගෙන හැර දක්වනු. ඔවුන් දෙදෙනා අතරින් දේවත්වය ප්රතික්ෂේප කරන්නාහට වතු දෙකක් උරුම කළෙමු. එම වතු දෙක ඉඳි ගස්වලින් වට කළෙමු. ඒ දෙක අතර පවතින හිඩැස්හි පැලෑටි හට ගැන්වූයෙමු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න