සූරා 18 · ජුස් 15
Al-Kahf · 18:2
قَيِّمًا لِيُنْذِرَ بَأْسًا شَدِيدًا مِنْ لَدُنْهُ وَيُبَشِّرَ الْمُؤْمِنِينَ الَّذِينَ يَعْمَلُونَ الصَّالِحَاتِ أَنَّ لَهُمْ أَجْرًا حَسَنًا
(එය) ඍජුය. (අල්ලාහ් වන) ඔහු වෙතින් වූ දැඩි දඬුවම ගැන අවවාද කරනු පිණිසත් යහකම් කරනවුන් වන දේව විශ්වාසවන්තයින්ට නියත වශයෙන්ම ඔවුනට අලංකාර ප්රතිඵල ඇතැයි දන්වනු පිණිසත් (ඔහු එය පහළ කළේ)ය.
තෆ්සීර්
මතභේද හෝ පරස්පරතාවන්ගෙන් තොර ඍජු ග්රන්ථයක් බවට ඔහු එය පත් කළේය. දෙවියන් ප්රතික්ෂේප කරන්නන් බලාපොරොත්තුවෙන් සිටින අල්ලාහ්ගෙන් වූ බලවත් දඬුවම ගැන ඔහු ඔවුනට බිය ගන්වනු පිණිස හා දැහැමි ක්රියාවන් සිදු කරන දේව විශ්වාසීන් හට ඔවුන් සතුටු වන දැයින් කිසිදු තිළිණයකට සමීප කළ නොහැකි යහපත් තිළිණ ඔවුනට ඇති බව දන්වා සිටිනු පිණිසය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න