සූරා 18 · ජුස් 15

Al-Kahf · 18:14

وَرَبَطْنَا عَلَىٰ قُلُوبِهِمْ إِذْ قَامُوا فَقَالُوا رَبُّنَا رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ لَنْ نَدْعُوَ مِنْ دُونِهِ إِلَٰهًا ۖ لَقَدْ قُلْنَا إِذًا شَطَطًا

ඔවුහු අවදි වී ‘අපගේ පරමාධිපති අහස් හා මහපොළොවේ හිමිපාණන්ය. ඔහුගෙන් තොරව කිසිදු දෙවියකුට අපි ඇරයුම් නොකරන්නෙමු. එවිට (එසේ කළේ නම්) සැබැවින්ම අපි බොරුවක්ම පවසා ඇත්තෙමු’ යැයි ඔවුහු පැවසූ විට ඔවුන්ගේ හදවත් අපි ශක්තිමත් කළෙමු.

තෆ්සීර්

"අප විශ්වාස කරන අප ගැතිකම් කරන අපගේ පරමාධිපතියාණන් අහස්හි පරමාධිපතිය. මහපොළොවේ පරමාධිපතිය. ඔහු හැර පහත් ව්යාජ දෙවිවරුන් අපි කිසිවිටෙක නොනමදින්නෙමු. ඔහු හැර වෙනත් කෙනෙකු අපි නමදින්නේ නම් සත්යයෙන් දුරස් වූ පාපී ප්රකාශයක් අපි සිදු කර ඇත්තෙමු" යැයි ඔවුන් රජු ඉදිරියේ අල්ලාහ් කෙරෙහි තබා ඇති ඒකීය විශ්වාසය දන්වා සිටිමින් ඔවුන් එම දේශයෙන් නික්ම යන මොහොතේ, ඔවුන් මත ඉවසීම හා දේව විශ්වාසය හා ඒ මත වූ ස්ථාවර්තවය තුළින් අපි ඔවුන්ගේ හදවත් බලවත් කළෙමු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න