සූරා 18 · ජුස් 16

Al-Kahf · 18:110

قُلْ إِنَّمَا أَنَا بَشَرٌ مِثْلُكُمْ يُوحَىٰ إِلَيَّ أَنَّمَا إِلَٰهُكُمْ إِلَٰهٌ وَاحِدٌ ۖ فَمَنْ كَانَ يَرْجُو لِقَاءَ رَبِّهِ فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا

මම නුඹලා මෙන් මිනිසෙකු පමණි. නුඹලාගේ දෙවිඳුන් එකම දෙවිඳෙකු යැයි මා වෙත දන්වනු ලැබ ඇත. එහෙයින් කවරෙකු තම පරමාධිපතිගේ හමු ව අපේක්ෂා කරන්නේ ද ඔහු දැහැමි ක්‍රියාවන් සිදු කරත්වා ! තම පරමාධිපතිට ගැතිකම් කිරීමෙන් කිසිවකු ආදේශ නොකරත්වා ! යැයි (නබිවරය,) නුඹ පවසනු.

තෆ්සීර්

"අහෝ දූතය! සැබැවින්ම මම නුඹලා මෙන් මිනිසෙකු පමණි. ඔහු මා වෙත දේව පණිවිඩ එවා ඇත. සැබෑ ලෙසින් නුඹලාගේ නැමදුමට ලක් විය යුත්තේ කිසිදු හවුල්කරුවෙකු නොමැති ඒකීයයාණන්ටය. ඔහු අල්ලාහ්ය. තම පරමාධිපතිගේ හමුව ගැන කවරෙකු බිය වන්නේ ද ඔහුගේ පිළිවෙතට අනුකූල ව ක්රියා කරත්වා! එහි දී ඔහුට අවංකව කටයුතු කරත්වා! ඔහුට නැමදුම් කිරීමෙහි කිසිවෙකු හවුල් කර නො ගනිත්වා!" යැයි පවසනු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න