සූරා 18 · ජුස් 15
Opening of Al-Kahf · Al-Kahf 18:10
إِذْ أَوَى الْفِتْيَةُ إِلَى الْكَهْفِ فَقَالُوا رَبَّنَا آتِنَا مِنْ لَدُنْكَ رَحْمَةً وَهَيِّئْ لَنَا مِنْ أَمْرِنَا رَشَدًا
තරුණයින් (රැකවරණ සොයා) ලෙන වෙත පිවිසුනු විට ‘අපගේ පරමාධිපතියාණනි, නුඹ වෙතින් වූ කරුණාව අපට පිරිනමනු මැනව ! අපගේ කාර්යය මග පෙන්වීමක් බවට අප වෙත පත් කරනු මැනව.!’
තෆ්සීර්
අහෝ දූතය! තම දහම ආරක්ෂා කර ගනිමින් දේවත්වය විශ්වාස කළ තරුණ පිරිසක් පලාගොස් ලෙන තුළ රිංගා ගත් අවස්ථාව මෙනෙහි කර බලනු. එවිට ඔවුන්ගේ පරමාධිපතිට ඔවුන් ප්රාර්ථනා කරමින්, "අපගේ පරමාධිපතියාණනි! අපගේ පාපයන්ට සමාව දෙමින්, අපගේ සතුරන්ගෙන් අපව මුදවා ගනිමින්, නුඹ වෙතින් කරුණා දයාව අපහට පිරිනමනු මැනව! දේවත්වය ප්රතික්ෂේප කරන්නන් හා ඔවුන්ගේ විශ්වාසයෙන් අපි නික්ම ආවෙමු. එය සත්යය හා නිවැරදි මග පෙන්වා දෙන්නක් බවට පත් කරනු මැනව."යැයි ප්රාර්ථනා කළෝය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න