සූරා 17 · ජුස් 15

Al-Isra · 17:16

وَإِذَا أَرَدْنَا أَنْ نُهْلِكَ قَرْيَةً أَمَرْنَا مُتْرَفِيهَا فَفَسَقُوا فِيهَا فَحَقَّ عَلَيْهَا الْقَوْلُ فَدَمَّرْنَاهَا تَدْمِيرًا

තවද යම් ගම්මානයක් අපි විනාශ කිරීමට සිතූ විට එහි (ආඩම්බර කමින්) භුක්ති විඳිමින් සිටින්නන් හට අණ කරන්නෙමු. එවිට ඔවුහු පාපකම් කරන්නෝය. එහෙයින් ඒ වෙත (දඬුවමේ) ප්‍රකාශය නියම වෙයි. එවිට අපි එය කඩා බිඳ දමා සුණු විසුණු කළෙමු.

තෆ්සීර්

යම් සමාජයක අපරාධකම් හේතුවෙන් ඔවුන් විනාශ කරන්නට අප සිතූ විට ඔවුන් අතර සැපවත් ජීවිතයක් ගත කරන්නන්හට අවනත වන මෙන් අපි නියෝග කළෙමු. නමුත් ඔවුන් එය පිළි නොපැද එයට පිටුපෑවෝය. අවනත වීමෙන් බැහැර වූවෝය. විනාශකාරී දඬුවමේ ප්රකාශය ඔවුනට නියම විය. ඒ අනුව අපි ඔවුන් මුලුමණින්ම විනාශ කළෙමු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න