සූරා 16 · ජුස් 14

An-Nahl · 16:65

وَاللَّهُ أَنْزَلَ مِنَ السَّمَاءِ مَاءً فَأَحْيَا بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِقَوْمٍ يَسْمَعُونَ

තවද අල්ලාහ් අහසින් ජලය පහළ කළේය. මහපොළොව මිය ගිය පසු ව එමගින් ඔහු එය ප්‍රාණවත් කරයි. සවන් දෙන ජනයාට නියත වශයෙන්ම එහි සංඥාවක් ඇත.

තෆ්සීර්

අහසින් අල්ලාහ් වර්ෂාව පහළ කොට, මහපොළොව වියළී පුහු බවට පත්වූවායින් පසු, එහි පැලෑටි හට ගන්වා ජීවමාන කළේය. අහසින් වර්ෂාව පහළ කිරීමෙහි ද එමගින් මහපොළොවේ පැලෑටි මතු කිරීමෙහි ද අල්ලාහ්ගේ වදනට සවන් දී ඒ ගැන පරිශීලනය කරන ජනයාට අල්ලාහ්ගේ බලය පෙන්වා දෙන පැහැදිලි සාධක ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න