සූරා 16 · ජුස් 14

An-Nahl · 16:63

تَاللَّهِ لَقَدْ أَرْسَلْنَا إِلَىٰ أُمَمٍ مِنْ قَبْلِكَ فَزَيَّنَ لَهُمُ الشَّيْطَانُ أَعْمَالَهُمْ فَهُوَ وَلِيُّهُمُ الْيَوْمَ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ

අල්ලාහ් මත දිවුරමින්. නුඹට පෙර සිටම සැබැවින්ම අපි සමූහයන් වෙත ධර්ම දූතයින් එව්වෙමු. නමුත් ෂෙයිතාන් ඔවුන්ගේ ක්‍රියාවන් ඔවුන්ට අලංකාරවත් කළේය. එහෙයින් අද දින ඔවුන්ගේ භාරකරු ඔහුය. තවද ඔවුනට වේදනීය දඬුවමක් ඇත.

තෆ්සීර්

අහෝ දූතය! අල්ලාහ් මත දිවුරමින්, නුඹට පෙර විසූ සමූහයන් වෙත සැබැවින්ම අපි දූතවරුන් එව්වෙමු. නමුත් දේව ආදේශය, දේව ප්රතික්ෂේපය හා පාපකම් වැනි ඔවුන්ගේ පිළිකුල් සහගත ක්රියාවන් ෂෙයිතාන් ඔවුනට අලංකාර කර පෙන්වීය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ විශ්වාසය අනුව ඔවුන්ගේ උදව් කරුවා ඔහුය. එහෙයින් ඔවුන් ඔහුගෙන් උදව් ඉල්ලා සිටිනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුනට වේදනීය දඬුවමක් ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න