සූරා 16 · ජුස් 14

An-Nahl · 16:56

وَيَجْعَلُونَ لِمَا لَا يَعْلَمُونَ نَصِيبًا مِمَّا رَزَقْنَاهُمْ ۗ تَاللَّهِ لَتُسْأَلُنَّ عَمَّا كُنْتُمْ تَفْتَرُونَ

අපි ඔවුනට පෝෂණය වශයෙන් දුන් දැයින් කොටසක් ඔවුන් නොදන්නා දෑට තබති. අල්ලාහ් මත දිවුරමින් නුඹලා ගොතමින් සිටි දෑ පිළිබඳ ව නියත වශයෙන්ම නුඹලා විමසනු ලැබේ.

තෆ්සීර්

භෞතික වස්තු මෙන්ම කිසිදු සෙතක් හෝ හානියක් හෝ සිදු කිරීමට නොහැකි, කිසිවක් නොදන්නා වස්තුවක් ලෙස ඔවුන්ගේ පිළිම තිබිය දී අපි ඔවුනට ලබා දුන් සම්පත්වලින් කොටසක් ඒවා වෙනුවෙන් තබා එමගින් ඒවා වෙත ඔවුහු සමීපවන්නට බලති. අහෝ දෙවියන්ට ආදේශ තැබූවනි! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම මෙම පිළිම දෙවිවරුන් යැයි ද, නුඹලාගේ පෝෂණ සම්පත්වලින් කොටසක් ඒවාට හිමි යැයි ද නුඹලා විශ්වාස කරමින් සිටි දෑ ගැන සැබැවින්ම අල්ලාහ් ප්රශ්න කරනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න