සූරා 16 · ජුස් 14

An-Nahl · 16:13

وَمَا ذَرَأَ لَكُمْ فِي الْأَرْضِ مُخْتَلِفًا أَلْوَانُهُ ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِقَوْمٍ يَذَّكَّرُونَ

මහපොළොවේ නුඹලාට එහි විවිධ වර්ගයෙන් වූ දෑ ද (ඔහු වසඟ කර දුන්නේය.) මෙනෙහි කරන ජනයාට නියත වශයෙන්ම එහි සංඥාවක් ඇත.

තෆ්සීර්

මහපොළොවේ මවා ඇති ඛණිජ, සතා සිව්පාවුන්, පැලෑටි, බවභෝග වැනි විවිධ වර්ගයෙන් යුත් දෑ නුඹලාට ශුද්ධවන්ත අල්ලාහ් වසඟ කර දුන්නේය. මැවීම් හා ඒවා වසඟ කර තිබීම ගැන සඳහන් කරනු ලැබූ දෑහි පාඩම් ලබන ජනයාට අල්ලාහ්ගේ බලය විදහා පාන පැහැදිළි සාධක ඇත. සැබැවින්ම අල්ලාහ් සර්වබලධාරී බවත් ආශිර්වාද පිරිනමන්නා බවත් ඔවුහු එමගින් දැන ගනිති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න