සූරා 16 · ජුස් 14
An-Nahl · 16:124
إِنَّمَا جُعِلَ السَّبْتُ عَلَى الَّذِينَ اخْتَلَفُوا فِيهِ ۚ وَإِنَّ رَبَّكَ لَيَحْكُمُ بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ فِيمَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ
නියත වශයෙන්ම සබ්ත් හෙවත් සෙනසුරාදා සීමාව නියම කරනු ලැබුවේ එහි මත භේද ඇති කර ගත්තවුන් කෙරෙහිය. තවද මළවුන් කෙරෙන් නැගිටු වනු ලබන දිනයේ නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති ඔවුන් කවර විෂයයක මත භේද ඇති කර ගනිමින් සිටියේ ද ඒ සම්බන්ධයෙන් ඔවුන් අතර තීන්දු කරනු ඇත.
තෆ්සීර්
යුදෙව්වන් මතභේද ඇති කර ගත් සෙනසුරාදා දිනය ගරුබුහුමන් කිරීමට අනිවාර්යය කරන ලද්දේ ඔවුනට වෙන් කරන මෙන් අණ කළ සිකුරාදා දිනය ඔවුන් නාස්ති කිරීමෙන් පසු නැමදුම සඳහා එදින ඔවුන්ගේ රාජකාරිවලින් නිදහස් වනු පිණිසය. අහෝ දූතය! සැබැවින්ම නුඹේ පරමාධිපති ඔවුන් කවර විෂයයක මතභේද ඇති කර ගත්තේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එම මතභේද ඇති කරගත් අය අතර තීන්දු දෙනු ඇත. සෑම කෙනෙකුටම ඔවුනොවුනට සුදුසු ප්රතිඵල පිරිනමනු ලැබේ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න