සූරා 16 · ජුස් 14

An-Nahl · 16:116

وَلَا تَقُولُوا لِمَا تَصِفُ أَلْسِنَتُكُمُ الْكَذِبَ هَٰذَا حَلَالٌ وَهَٰذَا حَرَامٌ لِتَفْتَرُوا عَلَى اللَّهِ الْكَذِبَ ۚ إِنَّ الَّذِينَ يَفْتَرُونَ عَلَى اللَّهِ الْكَذِبَ لَا يُفْلِحُونَ

මෙය අනුමතය. මෙය තහනම්ය යැයි අල්ලාහ් කෙරෙහි නුඹලා බොරු ගොතනු වස් නුඹලාගේ දිව වල් වර්ණනා කරන දෑ නුඹලා නොපවසනු. නියත වශයෙන්ම අල්ලාහ් කෙරෙහි බොරු ගොතන්නන් ජය නොලබති.

තෆ්සීර්

අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! අල්ලාහ් මත බොරු ගොතමින් තහනම් නොකරන ලද දෑ තහනම් කිරීමේ හා අනුමත නොකරන ලද දෑ අනුමත කිරීමේ අපේක්ෂාවෙන්, "මෙය අනුමතය. මෙය තහනම් ය" යැයි නුඹලාගේ දිවවල් අල්ලාහ් මත බොරු ගොතන දෑ ප්රකාශ නොකරනු. සැබැවින්ම අල්ලාහ් මත බොරු ගොතා පවසන්නන් වනාහි ඔවුන් පතන දැයින් ජය නොලබති. බියවන දැයින් ආරක්ෂාවද නොලබති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න