සූරා 16 · ජුස් 14

An-Nahl · 16:112

وَضَرَبَ اللَّهُ مَثَلًا قَرْيَةً كَانَتْ آمِنَةً مُطْمَئِنَّةً يَأْتِيهَا رِزْقُهَا رَغَدًا مِنْ كُلِّ مَكَانٍ فَكَفَرَتْ بِأَنْعُمِ اللَّهِ فَأَذَاقَهَا اللَّهُ لِبَاسَ الْجُوعِ وَالْخَوْفِ بِمَا كَانُوا يَصْنَعُونَ

තවද අල්ලාහ් ගම්මානයක් උපමාවක් ලෙස ගෙන හැර පෙන්වීය. එය සුරක්ෂිත සාමකාමී විය. සෑම තැනකින්ම පෝෂණය ඒ වෙත පැමිණියේය. නමුත් එය (ගම් වාසීහු) අල්ලාහ්ගේ ආශිර්වාදයට ගුණ මකු විය. එවිට ඔවුන් සිදු කරමින් සිටි දෑ හේතුවෙන් සාගින්නෙහි හා බියෙහි වස්ත්‍රය එයට විඳවන්නට සැලස් විය.

තෆ්සීර්

අල්ලාහ් උපමාවක් ලෙස මක්කා නගරය ගෙනහැර දක්වයි. එහි වැසියන් කිසිදු බියකින් තොර ව සුරක්ෂිතව ස්ථාවරව සිටියහ. ඒ අවට සිටින මිනිසුන් ඵල නෙළා ගත්තෝය. සෑම දෙසකින්ම ඉතා පහසුවෙන් නැවුම් පෝෂණ ඒ වෙත පැමිණෙන්නට විය. නමුත් අල්ලාහ් ඔවුනට පිරිනැමූ ආශිර්වාද ඔවුන් ප්රතික්ෂේප කොට ඔහුට ඔවුහු ගුණමකු වූහ. එබැවින් අල්ලාහ් ඔවුනට ප්රතිවිපාක වශයෙන් සාගින්න සහ බියෙන් හා විශ්මයෙන් ඔවුන්ගේ ශරීර මත දැඩි බාහිර බියක් ඇති කළේය. ඔවුන් දෙවියන් ප්රතික්ෂේප කරමින් හා බොරු කරමින් සිටි බැවින් ඒ දෙක ඔවුනට වස්ත්රයක් බඳු විය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න