සූරා 14 · ජුස් 13
Ibrahim · 14:52
هَٰذَا بَلَاغٌ لِلنَّاسِ وَلِيُنْذَرُوا بِهِ وَلِيَعْلَمُوا أَنَّمَا هُوَ إِلَٰهٌ وَاحِدٌ وَلِيَذَّكَّرَ أُولُو الْأَلْبَابِ
මෙය ජනයා වෙත කෙරෙන දැනුම් දීමකි. තවද එමගින් ඔවුන් අවවාද ලබනු පිණිස ද නියත වශයෙන්ම ඔහු ඒකීය දෙවිඳුන් යැයි ඔවුන් දැන ගනු පිණිස ද බුද්ධිය ඇත්තවුන් මෙනෙහි කරනු ලබනු පිණිස ද වේ.
තෆ්සීර්
මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පහළ කරන ලද මෙම කුර්ආනය අල්ලාහ් වෙතින් ජනයාට දන්වා ඇති නිවේදනයකි. එය එහි ඇති දැඩි අවවාදයන් හා බිය ගැන්වීම් තුළින් ඔවුන් බිය කරවනු පිණිසය. තවද නැමදුමට සුදුස්සා සැබැවින්ම අල්ලාහ් පමණක් බව දැනගෙන, ඔවුන් ඔහුට නමැද කිසිවක් ඔහුට ආදේශ නොකරනු පිණිසය. තවද එමගින් උපදෙස් ලබා, මනා බුද්ධිය ඇත්තවුන් පාඩම් ලබනු පිණිසය. සැබැවින්ම මෙහි ඇති උපදෙස් හා පාඩම්වලින් ප්රයෝජනය ලබන්නෝ ඔවුහුමය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න