සූරා 14 · ජුස් 13
Ibrahim · 14:44
وَأَنْذِرِ النَّاسَ يَوْمَ يَأْتِيهِمُ الْعَذَابُ فَيَقُولُ الَّذِينَ ظَلَمُوا رَبَّنَا أَخِّرْنَا إِلَىٰ أَجَلٍ قَرِيبٍ نُجِبْ دَعْوَتَكَ وَنَتَّبِعِ الرُّسُلَ ۗ أَوَلَمْ تَكُونُوا أَقْسَمْتُمْ مِنْ قَبْلُ مَا لَكُمْ مِنْ زَوَالٍ
ඔවුන් වෙත දඬුවම පැමිණෙන දිනය පිළිබඳ නුඹ ජනයාට අවවාද කරනු. එවිට අපගේ පරමාධිපතියාණනි, නියමිත කාලයකට අප ව ප්රමාද කරනු මැනව ! ඔබේ ඇරයුමට අපි පිළිතුරු දෙන්නෙමු. රසූල්වරුන් ව අනුගමනය කරන්නෙමු යැයි අපරාධ කළවුන් පවසති. නුඹලාට කිසිදු විනාශයක් නොවනු ඇතැයි මීට පෙර නුඹලා දිවුරා නොසිටියෙහු ද?
තෆ්සීර්
අහෝ දූතය! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ දඬුවම ගැන ඔබේ සමූහයාට බිය ගන්වනු. (දඬුවම හිමි වන) එම අවස්ථාවේ අල්ලාහ් ව ප්රතික්ෂේප කොට ඔහුට ආදේශයන් තබා ඔවුන් ඔවුන්ටම අපරාධ කර ගත්තවුන් වනාහි "අපගේ පරමාධිපතියාණනි, අපට අවකාශය දෙනු. අපගෙන් දඬුවම ප්රමාද කරනු. ටික කලකට මෙලොවට අප හරවා එවනු. අපි නුඹ ව විශ්වාස කරන්නෙමු. නුඹ අප වෙත එවූ එම දූතයින් අපි පිළිපදින්නෙමු." යැයි පවසති. එවිට ඔවුන් හෙළා දකිමින් "සැබැවින්ම නුඹලා මරණයෙන් පසු යළි නැගිටුවනු ලැබීම හෙළා දැක මෙලොව ජීවිතයෙන් මතුලොව ජීවිතය වෙත නොයන බව දිවුරා නොසිටියෙහුදැ?"යි පිළිතුරු වශයෙන් විමසා සිටිති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න