සූරා 14 · ජුස් 13
Ibrahim · 14:33
وَسَخَّرَ لَكُمُ الشَّمْسَ وَالْقَمَرَ دَائِبَيْنِ ۖ وَسَخَّرَ لَكُمُ اللَّيْلَ وَالنَّهَارَ
තවද හිරු හා සඳු ගමන් කරන්නක් වශයෙන් නුඹලාට ඔහු වසඟ කර දුන්නේය. තවද රාත්රිය හා දහවල ද නුඹලාට වසඟ කර දුන්නේය.
තෆ්සීර්
අඛණ්ඩ ව ගමන් කරන හිරු හා සඳු ද ඔහු වසඟ කර දුන්නේය. එකින් පසු එකක් ලෙස පැමිණෙන රාත්රිය හා දහවල ද නුඹලාට ඔහු වසඟ කර දුන්නේය. රාත්රිය නුඹලාගේ නින්ද හා නුඹලාගේ විවේකය සඳහාය. දහවල නුඹලා දිරියෙන් හා වෙහෙස මහන්සියෙන් කටයුතු කිරීම සඳහාය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න