සූරා 14 · ජුස් 13
Ibrahim · 14:28
۞ أَلَمْ تَرَ إِلَى الَّذِينَ بَدَّلُوا نِعْمَتَ اللَّهِ كُفْرًا وَأَحَلُّوا قَوْمَهُمْ دَارَ الْبَوَارِ
අල්ලාහ්ගේ ආශිර්වාදයන් ප්රතික්ෂේපයක් බවට පෙරළා තම ජනයාට විනාශයේ නිවහන අනුමත කර දුන් අය ව නුඹ නුදුටුවෙහි ද?
තෆ්සීර්
ශුද්ධ භූමිය තුළ රැකවරණය පිදීමෙන් හා ඔවුන් අතර මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එවා සිටීමෙන් ඔවුනට අල්ලාහ් පිරිනැමූ ආශිර්වාදය ගැන විරෝධය දැක් වූ අවස්ථාවේ ඒවා පිළිබඳ අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව ප්රතික්ෂේප කරමින් සිටි කුරෙයිෂ්වරුන්ගේ තත්ත්වය සැබැවින්ම නුඹ දැක ඇත. එනම් එතුමාණන් කවර කරුණක් ඔහුගේ පරමාධිපතිගෙන් ගෙන ආවේ ද එවන් දෑ බොරු කිරීමෙන් ඔහුගේ ආශිර්වාදය ප්රතික්ෂේප කිරීමෙනි. ඔවුහු ඔවුන්ගේ සමාජය අතරින් දේව ප්රතික්ෂේපය සම්බන්ධයෙන් ඔවුන් අනුගමනය කළවුන් විනාශයේ නිවහන වෙත ඇද දැමුවෝය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න