සූරා 14 · ජුස් 13
Ibrahim · 14:23
وَأُدْخِلَ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا بِإِذْنِ رَبِّهِمْ ۖ تَحِيَّتُهُمْ فِيهَا سَلَامٌ
විශ්වාස කොට දැහැමි ක්රියා කළවුන් ඊට පහළින් ගංගාවෝ ගලා බස්නා (ස්වර්ග) උයන් වලට ඇතුළත් කරනු ලැබීය. ඔවුන්ගේ පරමාධිපතිගේ අනුමැතියෙන් ඔවුන් එහි සදාතනිකයින් විය. එහි ඔවුන්ගේ පැතුම සලාම් (ශාන්තිය වේවා යන්න)ය.
තෆ්සීර්
අපරාධකරුවන් යොමු වන ස්ථානයට ප්රතිවිරුද්ධව, අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුන් ස්වර්ග මාලිගාවන් හා ගස්වලට පහළින් ගංගාවන් ගලා බස්නා උයන්වලට ඇතුල් කරවයි. ඔවුන්ගේ පරමාධිපතිගේ අනුහසින් හා අනුමැතියෙන් ඔවුහු එහි සදාකල් වෙසෙති. ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුට සුබ පතයි. මලක්වරුන් ඔවුනට සුබ පතන අතරම ඔවුන්ගේ පරමාධිපති ද ඔවුනට -සලාම්- ශාන්තිය යන වදනින් සුබ පතනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න