සූරා 14 · ජුස් 13

Ibrahim · 14:10

۞ قَالَتْ رُسُلُهُمْ أَفِي اللَّهِ شَكٌّ فَاطِرِ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ يَدْعُوكُمْ لِيَغْفِرَ لَكُمْ مِنْ ذُنُوبِكُمْ وَيُؤَخِّرَكُمْ إِلَىٰ أَجَلٍ مُسَمًّى ۚ قَالُوا إِنْ أَنْتُمْ إِلَّا بَشَرٌ مِثْلُنَا تُرِيدُونَ أَنْ تَصُدُّونَا عَمَّا كَانَ يَعْبُدُ آبَاؤُنَا فَأْتُونَا بِسُلْطَانٍ مُبِينٍ

අහස් හා මහපොළොවේ නිර්මාපකයාණන් වූ අල්ලාහ් සම්බන්ධයෙන් සැකයක් ඇත්තේ ද? නුඹලාට ඔහු සමාව දෙනු පිණිස ද නුඹලා ව නියමිත කාලයක් ප්‍රමාද කර දෙනු පිණිස ද ඔහු නුඹලා ව ඇරයුම් කරයි යනුවෙන් ඔවුන්ගේ රසූල්වරුන් පැවසූහ. නුඹලා අප මෙන් මිනිසුන් මිස නැත. අපගේ මුතුන් මිත්තන් නැමදුම් කරමින් සිටි දැයින් නුඹලා අප ව වළක්වන්නෙහු ය. එසේ නම් අප වෙත පැහැදිලි අණ බලයක් ගෙන එනු යැයි ඔවුහු පැවසූහ.

තෆ්සීර්

ඔවුන්ගේ දූතවරුන් ඔවුනට පිළිතුරු වශයෙන් "අල්ලාහ්ගේ ඒකීයත්වයේ හා ඔහුට පමණක් නැමදුම් කිරීමෙහි සැකයක් තිබේ ද? ඔහු අහස් හි මැවුම්කරුය. මහපොළොවේ මැවුම්කරුය. කිසිදු පූර්ව උදාහරණයකින් තොර ව ඔහු ඒ දෙක ඇති කළේය. එමගින් නුඹලාගේ පෙර පාපකම් නුඹලාගෙන් මකා දමනු පිණිස ඔහු දේව විශ්වාසය වෙත නුඹලාව ඇරයුම් කරයි. නුඹලාගේ මෙලොව ජීවිතයේ නියමිත කාලය අවසන් වන තෙක් නුඹලාව ප්රමාද කරයි." යැයි පැවසූහ. ඔවුන්ගේ සමූහයා ඔවුනට "නුඹලා අප මෙන් මිනිසුන් මිස නැත. අපට වඩා අමතර දෙයක් නුඹලාට නැත. අපගේ මුතුන් මිත්තන් කවර දැයකට නමදිමින් සිටියේ ද ඉන් අප හරවන්නට නුඹලා අපේක්ෂා කරන්නෙහුය. සැබැවින්ම නුඹලා අල්ලාහ් වෙතින් අප වෙත පැමිණි දූතවරුන් යැයි නුඹලා කරන වාදයෙහි නුඹලා ව තහවුරු කරන පැහැදිලි සාධක අප වෙත ගෙන එනු" යැයි පැවසුවෝය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න