සූරා 13 · ජුස් 13

Ar-Ra'd · 13:13

وَيُسَبِّحُ الرَّعْدُ بِحَمْدِهِ وَالْمَلَائِكَةُ مِنْ خِيفَتِهِ وَيُرْسِلُ الصَّوَاعِقَ فَيُصِيبُ بِهَا مَنْ يَشَاءُ وَهُمْ يُجَادِلُونَ فِي اللَّهِ وَهُوَ شَدِيدُ الْمِحَالِ

ගිගුරුම ඔහුගේ ප්‍රශංසාව තුළින් ද තවද මලක්වරුන් ඔහු ගැන වූ බියෙන් ද (ඔහු ව) පිවිතුරු කරති. ඔහු අකුණු සැර එවනු ඇත. එවිට අල්ලාහ් ගැන ඔවුන් තර්ක කරමින් සිටිය දී ඔහු එමගින් අභිමත කරන අයට විපාකය ඇති කරයි. තවද ඔහු උපක්‍රමශීලිත්වයෙන් ඉතා දැඩිය.

තෆ්සීර්

අකුණු හඬ තම පරමාධිපතිට ඔහුගේ ප්රශංසා හා බැඳුණු පිවිතුරු කිරීමකින් විභූතිමත් කරයි. මලාඉකාවරුන් තම පරමාධිපතිට බියෙන් කීර්තියෙන් හා ඔහු ට ගෞවරය පුදමින් විභූතිමත් කරයි. ඔහුගේ මැවීම් අතරින් ඔහු අභිමත කරන අය වෙත ගිණිබත් කර දමන අකුණු සැර පහළ කර ඔහුව විනාශ කර දමනු ඇත. දෙවියන් ප්රතික්ෂේප කරන්නෝ අල්ලාහ්ගේ ඒකීයත්වය සම්බන්ධයෙන් තර්ක කරති. අල්ලාහ් තත්ත්වය වෙනස් කිරීමේ හා එය බලවත් කිරීමේ ඉතා දැඩිය. එහෙයින් ඔහු සිදු කරන දෙයක් මිස අපේක්ෂා කරන්නේ නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න