සූරා 13 · ජුස් 13
Ar-Ra'd · 13:11
لَهُ مُعَقِّبَاتٌ مِنْ بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِ يَحْفَظُونَهُ مِنْ أَمْرِ اللَّهِ ۗ إِنَّ اللَّهَ لَا يُغَيِّرُ مَا بِقَوْمٍ حَتَّىٰ يُغَيِّرُوا مَا بِأَنْفُسِهِمْ ۗ وَإِذَا أَرَادَ اللَّهُ بِقَوْمٍ سُوءًا فَلَا مَرَدَّ لَهُ ۚ وَمَا لَهُمْ مِنْ دُونِهِ مِنْ وَالٍ
ඔහු ඉදිරියෙන් හා ඔහු පසුපසින් සිට අල්ලාහ්ගේ නියෝගයෙන් ඔහු ව ආරක්ෂා කරන ලුහුබඳින්නන් ඔහුට වෙති. ඔවුන් තුළ ඇති දෑ ඔවුන් වෙනස් කර ගන්නා තෙක් නියත වශයෙන්ම අල්ලාහ් පිරිසක් තුළ ඇති දෑ වෙනස් නොකරයි. යම් පිරිසකට අල්ලාහ් යම් නපුරක් අපේක්ෂා කළේ නම් එවිට ඔහුට වැළකීමක් නොමැත. තවද ඔහුගෙන් තොර ව වෙනත් කිසිදු භාරකරුවකු ද ඔවුනට නොමැත.
තෆ්සීර්
මිනිසුන් වෙත පිරිසකගෙන් පසු තවත් පිරිසක් වශයෙන් පැමිණෙන මලක්වරුන් උත්තරීතර අල්ලාහ් සතු ව ඇත. ඔවුන්ගෙන් ඇතැමුන් රාත්රි කාලයේ පැමිණෙති. ඇතැමුන් දහවල් කාලයේ පැමිණෙති. අල්ලාහ්ගේ නියෝගය අනුව ඔහු කවර කරුණක් මිනිසාගෙන් වැළැක්විය යුතු දැයි නියම කරන ලද්දේ ද එවන් සියලු නියමයන්ගෙන් ඔවුහු ඔහු ආරක්ෂා කරති. ඔවුහු ඔහුගේ ක්රියාවන් හා ප්රකාශයන් සටහන් කරති. සැබැවින්ම අල්ලාහ් පිරිසක් කෘතවේදී තත්ත්වයෙන් ඔවුන් වෙනස් වන තෙක් යහපත් තත්ත්වයකින් ඔවුනට සතුටු නොවන වෙනත් තත්ත්වයකට වෙනස් කරන්නේ නැත. ශුද්ධවන්ත අල්ලාහ් යම් පිරිසකට විනාශය අභිමත කළේ නම් ඔහුගේ අභිමතයට විරුද්ධ වන කිසිවෙකු නැත. අහෝ ජනයිනි! අල්ලාහ්ගෙන් තොර ව නුඹලාගේ කටයුතු භාර ගන්නා වෙනත් භාරකරුවකු නැත. එහෙයින් නුඹලාට අත්වන දුෂ්කරතා වළක්වා ගැනීම සඳහා නුඹලා ඔහු වෙතම යොමු වනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න