සූරා 12 · ජුස් 13
Yusuf · 12:94
وَلَمَّا فَصَلَتِ الْعِيرُ قَالَ أَبُوهُمْ إِنِّي لَأَجِدُ رِيحَ يُوسُفَ ۖ لَوْلَا أَنْ تُفَنِّدُونِ
නඩය (මිසරයෙන්) පිටත් ව ගිය කල්හි නියත වශයෙන්ම යූසුෆ්ගේ සුවඳ මට දැනෙයි. නුඹලා මට දොස් නැගිය යුතු නොවේ දැයි ඔවුන්ගේ පියා විමසුවේය.
තෆ්සීර්
එම වෙළඳ නඩය මිසර දේශයෙන් හැරී පිටත් ව එම දේශ සීමාවෙන් වෙන් ව ගිය කල්හි, යඃකූබ් (අලයිහිස් සලාම්) තුමා තම දරුවන් හා එම දේශයේ වෙසෙන තමන් අසළ සිටින්නන් අමතා, "සැබැවින්ම යූසුෆ්ගේ සුවඳ මට දැනෙයි. සැබැවින්ම නුඹලා ‘මොහු වයස්ගත මහල්ලෙකි. ඔහු නොදන්නා දෑ පවසයි’ යැයි නුඹලා පවසමින් මා වයස්ගත හේතුවෙන් බුද්ධිහීනතාව මට ආරෝපණය නොකරන්නෙහු ද මා අඥානයෙකු යැයි නොපවසන්නෙහු ද?" යැයි විමසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න