සූරා 12 · ජුස් 13
Yusuf · 12:70
فَلَمَّا جَهَّزَهُمْ بِجَهَازِهِمْ جَعَلَ السِّقَايَةَ فِي رَحْلِ أَخِيهِ ثُمَّ أَذَّنَ مُؤَذِّنٌ أَيَّتُهَا الْعِيرُ إِنَّكُمْ لَسَارِقُونَ
ඔවුනට සූදානම් කර දිය යුතු දෑ ඔවුනට සූදානම් කර දුන් කල්හි තම සහෝදරයාගේ ගමන් මලු ව තුළ ජල බඳුන තබන්නට ඔහු සැලැස්සුවේය. පසු ව අහෝ තවලම් කරුවනි, නියත වශයෙන්ම නුඹලා සොරුන් යැයි නිවේදකයකු දන්වා සිටියේය.
තෆ්සීර්
තම සහෝදරයා ව තමන් සමග රඳවා ගැනීමේ උපාය මාර්ගයක් ලෙස එක කුස උපන් තම සහෝදරයාගේ මල්ලට රජු විසින් ආහාර කිරන භාජනය ඔවුනට නොදැනෙන සේ දමන මෙන් තම සහෝදරයාගේ ඔටුවා මත භාණ්ඩ පටවන සේවකයින්හට යූසුෆ් නියෝග කළේය. තම නිවෙස් බලා නැවත හැරී ගමන් කරන කල්හි, නිවේදකයෙකු ඔවුන් ගිය මාර්ගයේ ගොස්, "අහෝ ආහාර භාණ්ඩ උසුලමින් ගමන් කරන ඔටු අයිතිකරුවනි! සැබැවින්ම නුඹලා සොරුන් වෙති" යැයි නිවේදනය කළේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න