සූරා 1 · ජුස් 1
Al-Fatihah · Al-Fatihah 1:1
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ් ගේ නාමයෙනි
තෆ්සීර්
අල්ලාහ්ගේ නාමයෙන්: ඔහුගෙන් උපකාර පතමින්, ඔහුගේ නාමය මෙනෙහි කොට භාග්ය සොයමින් අල් කුර්ආනය කියවීමට මම ආරම්භ කරමි. අල්ලාහ්ගේ අලංකාර නාම අතුරින් නම් තුනක් මෙහි ඇතුළත් වේ. 1. ‘අල්ලාහ්’ එනම්: නැමදුමට සුදුස්සා යන්නය. එය අල්ලාහ්ට පමණක් සුවිශේෂී වූ නාමයකි. එය ඔහු හැර වෙනත් කිසිවකුට භාවිත නොකෙරේ. 2. ‘රහ්මාන්’ එනම්: මහත් දයා ගුණයෙන් යුක්තය. ඔහුගේ පැවැත්ම දයාවකි. 3. ‘රහීම්’ කරුණාදායක ය. ඔහුගේ මැවීම් අතුරින් තමන් අභිමත කරන අයට තම කරුණාගුණයෙන් කරුණාව දක්වයි. ‘අල් මුඃමිනූන්’ -දේව විශ්වාසවන්තයෝ- එසේ ඔහුගේ අභිමතයට පාත්ර වූ ඔහුගේ ගැත්තන් අතුරින් වෙති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න