An-Nazi'at

سورة النازعات

සූරා 79 · මක්කා · 46 පද

79:1ජුස් 30 · පි. 583

وَالنَّازِعَاتِ غَرْقًا1

සාහසික ලෙස (දුෂ්ටයන්ගේ ප්‍රාණය) ගලවන්නන් මත දිවුරමින්.
79:2ජුස් 30 · පි. 583

وَالنَّاشِطَاتِ نَشْطًا2

තවද මෘදු ලෙස ගලවන්නන් මත ද දිවුරමින්.
79:3ජුස් 30 · පි. 583

وَالسَّابِحَاتِ سَبْحًا3

(කැරුණික ක්‍රියාවන්හි පාවෙමින් පිහිනන්නන් මත ද දිවුරමින්.
79:4ජුස් 30 · පි. 583

فَالسَّابِقَاتِ سَبْقًا4

එවිට තරඟකාරී ලෙස තරඟ වදින්නන් මත ද (දිවුරමින්)
79:5ජුස් 30 · පි. 583

فَالْمُدَبِّرَاتِ أَمْرًا5

තවද කටයුතු සැලසුම් කරන්නන් මත ද (දිවුරමින්)
79:6ජුස් 30 · පි. 583

يَوْمَ تَرْجُفُ الرَّاجِفَةُ6

මහත් කම්පනයකින් (ලොව) කම්පනය වන දිනය
79:7ජුස් 30 · පි. 583

تَتْبَعُهَا الرَّادِفَةُ7

එයට අනුපිළිවෙළින් කම්පනය නැවත සිදු වනු ඇත.
79:8ජුස් 30 · පි. 583

قُلُوبٌ يَوْمَئِذٍ وَاجِفَةٌ8

එදින හදවත් (බියෙන්) තැති ගනියි.
79:9ජුස් 30 · පි. 583

أَبْصَارُهَا خَاشِعَةٌ9

ඔවුන්ගේ බැල්ම බියෙන් පවතී.
79:10ජුස් 30 · පි. 583

يَقُولُونَ أَإِنَّا لَمَرْدُودُونَ فِي الْحَافِرَةِ10

“නියත වශයෙන්ම අපි පෙර තත්ත්වයටම නැවත හරවනු ලබන්න්නෝ වන්නෙමුදැ” යි ඔවුහු පවසති.
79:11ජුස් 30 · පි. 583

أَإِذَا كُنَّا عِظَامًا نَخِرَةً11

“අප දිරා ගිය ඇටකටු බවට පත්වූයේ නම් ද?”
79:12ජුස් 30 · පි. 583

قَالُوا تِلْكَ إِذًا كَرَّةٌ خَاسِرَةٌ12

“එසේ නම් එය අලාභවන්ත හැරීමකි” යැයි ඔවුහු පවසති.
79:13ජුස් 30 · පි. 583

فَإِنَّمَا هِيَ زَجْرَةٌ وَاحِدَةٌ13

එහෙත් එය එක් භයානක හඬක් පමණි.
79:14ජුස් 30 · පි. 583

فَإِذَا هُمْ بِالسَّاهِرَةِ14

එවිට ඔවුහු (විනිශ්චය සඳහා) එළිමහන් තැනක(සිටින්නෝ)ය.
79:15ජුස් 30 · පි. 583

هَلْ أَتَاكَ حَدِيثُ مُوسَىٰ15

මූසාගේ තොරතුරු ඔබට ලැබුණේද?
79:16ජුස් 30 · පි. 583

إِذْ نَادَاهُ رَبُّهُ بِالْوَادِ الْمُقَدَّسِ طُوًى16

ඔහුගේ පරමාධිපති ඔහු ව තුවා නම් පාරිශුද්ධ නිම්නයෙහි ඇමතූ විට
79:17ජුස් 30 · පි. 584

اذْهَبْ إِلَىٰ فِرْعَوْنَ إِنَّهُ طَغَىٰ17

ඔබ ෆිර්අවුන් වෙත යනු. නියත වශයෙන්ම ඔහු සීමාව ඉක්මවා ගොස් ඇත.
79:18ජුස් 30 · පි. 584

فَقُلْ هَلْ لَكَ إِلَىٰ أَنْ تَزَكَّىٰ18

එවිට ඔබ පිවිතුරු වීමට ඔබට (කැමැත්තක්) ඇත්දැයි විමසනු.
79:19ජුස් 30 · පි. 584

وَأَهْدِيَكَ إِلَىٰ رَبِّكَ فَتَخْشَىٰ19

තවද මා නුඹට මඟ පෙන්වන්නෙමි. එවිට නුඹ නුඹගේ පරමාධිපතිට බියබැතිමත් වෙයි.
79:20ජුස් 30 · පි. 584

فَأَرَاهُ الْآيَةَ الْكُبْرَىٰ20

එවිට ඔහු (මූසා) ඔහුට මහා සළකුණ පෙන්වීය.
79:21ජුස් 30 · පි. 584

فَكَذَّبَ وَعَصَىٰ21

නමුත් ඔහු (ෆිර්අවුන් එය)බොරු යැයි පවසා (ඔහුට)පිටුපෑවේය.
79:22ජුස් 30 · පි. 584

ثُمَّ أَدْبَرَ يَسْعَىٰ22

පසු ව (ඔහුගෙන් වෙන් වී) පසු බැස ගොස් (ඔහුට හානි කිරීමට) වෑයම් කළේය.
79:23ජුස් 30 · පි. 584

فَحَشَرَ فَنَادَىٰ23

එවිට ඔහු (ඔහුගේ ජනයා) රැස් කොට (ඔවුන් ව) ඇමතුවේය.
79:24ජුස් 30 · පි. 584

فَقَالَ أَنَا رَبُّكُمُ الْأَعْلَىٰ24

එවිට “මම නුඹලාගේ උසස් පරමාධිපති වෙමි“ යැයි ඔහු පැවසුවේය.
79:25ජුස් 30 · පි. 584

فَأَخَذَهُ اللَّهُ نَكَالَ الْآخِرَةِ وَالْأُولَىٰ25

එහෙයින් අල්ලාහ් මෙලොව හා පරලොව ආදර්ශමත් දඬුවමට ඔහු ව හසු කර ගත්තේය.
79:26ජුස් 30 · පි. 584

إِنَّ فِي ذَٰلِكَ لَعِبْرَةً لِمَنْ يَخْشَىٰ26

නියත වශයෙන්ම (අල්ලාහ්ට) බියවන්නෙකුට එහි පාඩමක් ඇත.
79:27ජුස් 30 · පි. 584

أَأَنْتُمْ أَشَدُّ خَلْقًا أَمِ السَّمَاءُ ۚ بَنَاهَا27

මැවීමට බලවත් වන්නේ නුඹලා ද නැතහොත් අහස ද? එය ඔහු(අල්ලාහ්) නිර්මාණය කළේය.
79:28ජුස් 30 · පි. 584

رَفَعَ سَمْكَهَا فَسَوَّاهَا28

ඔහු එහි වියන ඔසවා පසු ව එය නිවැරදි ව සැකසුවේය.
79:29ජුස් 30 · පි. 584

وَأَغْطَشَ لَيْلَهَا وَأَخْرَجَ ضُحَاهَا29

තවද ඔහු එහි රාත්‍රිය (අඳුරෙන්) ආවරණය කර එහි දහවල හෙළි කළේය.
79:30ජුස් 30 · පි. 584

وَالْأَرْضَ بَعْدَ ذَٰلِكَ دَحَاهَا30

තවද මහපොළොව ඉන් පසුව ඔහු එය දිග හැරියේය.
79:31ජුස් 30 · පි. 584

أَخْرَجَ مِنْهَا مَاءَهَا وَمَرْعَاهَا31

ඔහු එයින් එහි ඇති ජලය ද එහි ඇති තණබිම් ද බිහි කළේය.
79:32ජුස් 30 · පි. 584

وَالْجِبَالَ أَرْسَاهَا32

තවද කඳු එය ඔහු ස්ථාවරව ස්ථාපිත කළේය.
79:33ජුස් 30 · පි. 584

مَتَاعًا لَكُمْ وَلِأَنْعَامِكُمْ33

(එය) නුඹලාට හා නුඹලාගේ ගොවිපළ සතුන්ට භුක්ති විඳීමක් වශයෙනි.
79:34ජුස් 30 · පි. 584

فَإِذَا جَاءَتِ الطَّامَّةُ الْكُبْرَىٰ34

එහෙත් මහත් ව්‍යසනය පැමිණි විට
79:35ජුස් 30 · පි. 584

يَوْمَ يَتَذَكَّرُ الْإِنْسَانُ مَا سَعَىٰ35

එදින මිනිසා තමන් (මෙලොව) ප්‍රයත්න දැරූ දෑ සිහිපත් කරන්නේය.
79:36ජුස් 30 · පි. 584

وَبُرِّزَتِ الْجَحِيمُ لِمَنْ يَرَىٰ36

තවද නරඹන්නන්හට නිරය ප්‍රත්‍යක්‍ෂ කරනු ලබයි.
79:37ජුස් 30 · පි. 584

فَأَمَّا مَنْ طَغَىٰ37

එහෙයින් සීමාව උල්ලංඝනය කර
79:38ජුස් 30 · පි. 584

وَآثَرَ الْحَيَاةَ الدُّنْيَا38

මෙලොව ජීවිතය තෝරා ගත් අය වූ කලී
79:39ජුස් 30 · පි. 584

فَإِنَّ الْجَحِيمَ هِيَ الْمَأْوَىٰ39

සැබැවින්ම නිරය වන එයමය (ඔවුන්ගේ) නිවහන වන්නේ.
79:40ජුස් 30 · පි. 584

وَأَمَّا مَنْ خَافَ مَقَامَ رَبِّهِ وَنَهَى النَّفْسَ عَنِ الْهَوَىٰ40

තවද තම පරමාධිපතිගේ සන්නිධාන(යේ පෙනී සිටීම)ට බිය වී තම ආත්මය ආශාවන්ගෙන් වළක්වා ගත් අය වූ කලී
79:41ජුස් 30 · පි. 584

فَإِنَّ الْجَنَّةَ هِيَ الْمَأْوَىٰ41

සැබැවින්ම ස්වර්ගය වන එයමය (ඔවුන්ගේ) නිවහන වන්නේ.
79:42ජුස් 30 · පි. 584

يَسْأَلُونَكَ عَنِ السَّاعَةِ أَيَّانَ مُرْسَاهَا42

එම හෝරාව එය කවදා සිදුවන්නේ දැයි ඔවුහු ඔබගෙන් විමසති.
79:43ජුස් 30 · පි. 584

فِيمَ أَنْتَ مِنْ ذِكْرَاهَا43

ඒ පිළිබඳ පැවසීමට ඔබට කුම(න බලය)ක් තිබේද?
79:44ජුස් 30 · පි. 584

إِلَىٰ رَبِّكَ مُنْتَهَاهَا44

එහි අවසන් තීන්දුව නුඹගේ පරමාධිපති වෙත ය.
79:45ජුස් 30 · පි. 584

إِنَّمَا أَنْتَ مُنْذِرُ مَنْ يَخْشَاهَا45

ඒ පිළිබඳ බිය වන්නන්ට සැබැවින්ම නුඹ අවවාද කරන්නෙක් පමණි.
79:46ජුස් 30 · පි. 584

كَأَنَّهُمْ يَوْمَ يَرَوْنَهَا لَمْ يَلْبَثُوا إِلَّا عَشِيَّةً أَوْ ضُحَاهَا46

සැබැවින්ම ඔවුන් එදින සවස් කාලයක් හෝ දිවා කාලයක් හෝ මිස රැඳී නොසිටියාක් මෙන් ඔවුන් එය සිතනු ඇත.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න

Yasser Salama - An-Nazi'at · Tlawati