Al-Hujurat

سورة الحجرات

සූරා 49 · මදීනා · 18 පද

49:1ජුස් 26 · පි. 515

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تُقَدِّمُوا بَيْنَ يَدَيِ اللَّهِ وَرَسُولِهِ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ سَمِيعٌ عَلِيمٌ1

අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ඉදිරියේ අබිබවා නොයනු. තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය. සර්ව ඥානීය.
49:2ජුස් 26 · පි. 515

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَرْفَعُوا أَصْوَاتَكُمْ فَوْقَ صَوْتِ النَّبِيِّ وَلَا تَجْهَرُوا لَهُ بِالْقَوْلِ كَجَهْرِ بَعْضِكُمْ لِبَعْضٍ أَنْ تَحْبَطَ أَعْمَالُكُمْ وَأَنْتُمْ لَا تَشْعُرُونَ2

අහෝ විශ්වාස කළවුනි! නුඹලාගේ හඬවල් නබිවරයාගේ හඬට වඩා වැඩි නොකරනු. නුඹලා ඇතැමෙකු ඇතැමෙකුට සැරෙන් කතා කරනවාක් මෙන් ඔහුට හඬා නගා සැරෙන් කතා නොකරනු. එවිට නුඹලා නොදැනුවත්වම නුඹලාගේ ක්‍රියාවන් නිෂ්ඵල වී යනු ඇත.
49:3ජුස් 26 · පි. 515

إِنَّ الَّذِينَ يَغُضُّونَ أَصْوَاتَهُمْ عِنْدَ رَسُولِ اللَّهِ أُولَٰئِكَ الَّذِينَ امْتَحَنَ اللَّهُ قُلُوبَهُمْ لِلتَّقْوَىٰ ۚ لَهُمْ مَغْفِرَةٌ وَأَجْرٌ عَظِيمٌ3

නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් අබියස ඔවුන්ගේ හඬ පහත් කරන්නන් වනාහි තම හදවත් බිය බැතිමත්භාවය සඳහා පරීක්ෂාවට ලක් කළවුන් ඔවුහුමය. ඔවුනට සමාව හා මහත් වූ ප්‍රතිඵල ඇත.
49:4ජුස් 26 · පි. 515

إِنَّ الَّذِينَ يُنَادُونَكَ مِنْ وَرَاءِ الْحُجُرَاتِ أَكْثَرُهُمْ لَا يَعْقِلُونَ4

නියත වශයෙන්ම නවාතැන් වලට පසුපසින් සිට නුඹ ව අමතන්නන් වනාහි ඔවුන්ගෙන් බහුතරයක් දෙනා වටහා නොගනිති.
49:5ජුස් 26 · පි. 516

وَلَوْ أَنَّهُمْ صَبَرُوا حَتَّىٰ تَخْرُجَ إِلَيْهِمْ لَكَانَ خَيْرًا لَهُمْ ۚ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ5

තවද නුඹ ඔවුන් වෙත (නිවසින්) බැහැර ව පැමිණෙන තෙක් නියත වශයෙන්ම ඔවුන් ඉවසා සිටියේ නම් එය ඔවුනට යහපත් වනු ඇත. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය. මහාකරුණාන්විතය.
49:6ජුස් 26 · පි. 516

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنْ جَاءَكُمْ فَاسِقٌ بِنَبَإٍ فَتَبَيَّنُوا أَنْ تُصِيبُوا قَوْمًا بِجَهَالَةٍ فَتُصْبِحُوا عَلَىٰ مَا فَعَلْتُمْ نَادِمِينَ6

අහෝ විශ්වාස කළවුනි! නුඹලා වෙත පාපියෙකු පුවතක් ගෙන ආවේ නම්, නොදැනුවත් ලෙසින් නුඹලා පිරිසකට හානියක් සිදු කොට පසු ව නුඹලා සිදු කළ දෑ ගැන පසුතැවිලිවන්නන් බවට පත් නොවනු පිණිස, නුඹලා (එය) පැහැදිලි කර ගනු.
49:7ජුස් 26 · පි. 516

وَاعْلَمُوا أَنَّ فِيكُمْ رَسُولَ اللَّهِ ۚ لَوْ يُطِيعُكُمْ فِي كَثِيرٍ مِنَ الْأَمْرِ لَعَنِتُّمْ وَلَٰكِنَّ اللَّهَ حَبَّبَ إِلَيْكُمُ الْإِيمَانَ وَزَيَّنَهُ فِي قُلُوبِكُمْ وَكَرَّهَ إِلَيْكُمُ الْكُفْرَ وَالْفُسُوقَ وَالْعِصْيَانَ ۚ أُولَٰئِكَ هُمُ الرَّاشِدُونَ7

තවද නියත වශයෙන්ම නුඹලා අතර අල්ලාහ්ගේ දූතයාණන් සිටින බව දැන ගනු. කරුණු බොහෝමයක ඔහු නුඹලාට අවනත වූයේ නම් නුඹලා පීඩාවට ගොදුරු වනු ඇත. එනමුත් නුඹලා වෙත අල්ලාහ් දේව විශ්වාසය පිළිබඳ කැමැත්ත ඇති කළේය. තවද එය නුඹලාගේ හදවත් තුළ අලංකාරවත් කළේය. තවද නුඹලා වෙත දේව ප්‍රතික්ෂේපය, පාපකම හා පිටුපෑම ඔහු පිළිකුල් කෙරෙව්වේය. යහමග සිටින්නෝ ඔවුහුමය.
49:8ජුස් 26 · පි. 516

فَضْلًا مِنَ اللَّهِ وَنِعْمَةً ۚ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ8

(එය) අල්ලාහ්ගෙන් වූ අනුග්‍රහයක් හා ආශිර්වාදයක් වශයෙනි. තවද අල්ලාහ් සියුම් ඥානය ඇති සර්ව ඥානීය.
49:9ජුස් 26 · පි. 516

وَإِنْ طَائِفَتَانِ مِنَ الْمُؤْمِنِينَ اقْتَتَلُوا فَأَصْلِحُوا بَيْنَهُمَا ۖ فَإِنْ بَغَتْ إِحْدَاهُمَا عَلَى الْأُخْرَىٰ فَقَاتِلُوا الَّتِي تَبْغِي حَتَّىٰ تَفِيءَ إِلَىٰ أَمْرِ اللَّهِ ۚ فَإِنْ فَاءَتْ فَأَصْلِحُوا بَيْنَهُمَا بِالْعَدْلِ وَأَقْسِطُوا ۖ إِنَّ اللَّهَ يُحِبُّ الْمُقْسِطِينَ9

දේව විශ්වාසවන්තයින් අතුරින් දෙපිරිසක් සටන් ඇරඹුවේ නම්, ඒ දෙක අතර නුඹ සමාදානය ඇති කරනු. ඒ දෙපිරිසෙන් එකක් අනෙකා මත සීමාව ඉක්මවා කටයුතු කළේ නම් අල්ලාහ්ගේ නියෝගය වෙත නැඹුරු වන තෙක් සීමාව ඉක්මවා ගියවුන්ට එරෙහිව නුඹලා සටන් කරනු. නමුත් එය එකඟ වූයේ නම් ඒ දෙපිරිස අතර සාධාරණ ලෙසින් සමථය කරනු. තවද නුඹලා යුක්ති ගරුක ව කටයුතු කරනු. නියත වශයෙන්ම අල්ලාහ් යුක්තිගරුක ව කටයුතු කරන්නන් ප්‍රිය කරනු ඇත.
49:10 · The believers are brothersජුස් 26 · පි. 516

إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ فَأَصْلِحُوا بَيْنَ أَخَوَيْكُمْ ۚ وَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تُرْحَمُونَ10

නියත වශයෙන්ම දේව විශ්වාසවන්තයෝ සහෝදරයෝය. එහෙයින් නුඹලාගේ (විවාද කරන) සහෝදරයින් අතර සමථය කරනු. තවද නුඹලා කරුණාව ලැබිය හැකි වනු පිණිස. අල්ලාහ්ට බිය බැතිමත් වනු.
49:11ජුස් 26 · පි. 516

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا يَسْخَرْ قَوْمٌ مِنْ قَوْمٍ عَسَىٰ أَنْ يَكُونُوا خَيْرًا مِنْهُمْ وَلَا نِسَاءٌ مِنْ نِسَاءٍ عَسَىٰ أَنْ يَكُنَّ خَيْرًا مِنْهُنَّ ۖ وَلَا تَلْمِزُوا أَنْفُسَكُمْ وَلَا تَنَابَزُوا بِالْأَلْقَابِ ۖ بِئْسَ الِاسْمُ الْفُسُوقُ بَعْدَ الْإِيمَانِ ۚ وَمَنْ لَمْ يَتُبْ فَأُولَٰئِكَ هُمُ الظَّالِمُونَ11

අහෝ විශ්වාස කළවුනි! පිරිසක් තවත් පිරිසක් ගැන පරිහාසය නොකරනු. ඔවුන් මොවුනට වඩා යහපත් විය හැක. එමෙන්ම කාන්තාවෝ ද කාන්තාවන් ගැන පරිහාසය නොකරනු. ඔවුන් මොවුනට වඩා හොඳ විය හැක. තවද නුඹලා අපහාස නොකරනු. තවද පටබැඳි නම් වලින් නුඹලා එකිනෙකා ආමන්ත්‍රණය නොකරනු. දේව විශ්වාසයෙන් පසු ව එවන් පාපතර නාමයන් (පවසා ඇමතීම) නපුරුය. තවද කවරෙකු පාප සමාව අයැද නොසිටියේද එවිට ඔවුහුමය අපරාධකරුවෝ.
49:12ජුස් 26 · පි. 517

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اجْتَنِبُوا كَثِيرًا مِنَ الظَّنِّ إِنَّ بَعْضَ الظَّنِّ إِثْمٌ ۖ وَلَا تَجَسَّسُوا وَلَا يَغْتَبْ بَعْضُكُمْ بَعْضًا ۚ أَيُحِبُّ أَحَدُكُمْ أَنْ يَأْكُلَ لَحْمَ أَخِيهِ مَيْتًا فَكَرِهْتُمُوهُ ۚ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ تَوَّابٌ رَحِيمٌ12

අහෝ විශ්වාස කළවුනි! අනුමානව සිතීම බොහෝමයකින් නුඹලා වැළකී සිටිනු. නියත වශයෙන්ම ඇතැම් අනුමාන කිරීම පාපයකි. තවද නුඹලා ඔත්තු නොසොයනු. තවද නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකු ගැන කේලාම් නොකිව යුතුය. නුඹලා අතුරින් කිසිවෙකු හෝ මිය ගිය තම සහෝදරයාගේ මාංශ අනුභව කිරීමට ප්‍රිය කරන්නේ ද? නමුත් නුඹලා එය පිළිකුල් කරන්නෙහුය. තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. නියත වශයෙන්ම අල්ලාහ් පශ්චාත්තාපය පිළිගන්නා මහා කරුණාන්විතය.
49:13 · O mankind, We created youජුස් 26 · පි. 517

يَا أَيُّهَا النَّاسُ إِنَّا خَلَقْنَاكُمْ مِنْ ذَكَرٍ وَأُنْثَىٰ وَجَعَلْنَاكُمْ شُعُوبًا وَقَبَائِلَ لِتَعَارَفُوا ۚ إِنَّ أَكْرَمَكُمْ عِنْدَ اللَّهِ أَتْقَاكُمْ ۚ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌ13

අහෝ මිනිසුනි! නියත වශයෙන්ම අපි පිරිමියකුගෙන් හා කාන්තාවකගෙන් නුඹලා ව මවා ඇත්තෙමු. තවද නුඹලා එකිනෙකා හඳුනා ගනු පිණිස ඔහු නුඹලා විවධ ජනවාර්ගිකයින් හා ගෝත්‍රිකයින් බවට පත් කළේය. නියත වශයෙන්ම අල්ලාහ් අබියස නුඹලාගෙන් වඩාත් උතුම් වනුයේ නුඹලා අතුරින් වඩාත් බියබැතිමත් වූවන්ය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානීය. අභිඥානවන්තය.
49:14ජුස් 26 · පි. 517

۞ قَالَتِ الْأَعْرَابُ آمَنَّا ۖ قُلْ لَمْ تُؤْمِنُوا وَلَٰكِنْ قُولُوا أَسْلَمْنَا وَلَمَّا يَدْخُلِ الْإِيمَانُ فِي قُلُوبِكُمْ ۖ وَإِنْ تُطِيعُوا اللَّهَ وَرَسُولَهُ لَا يَلِتْكُمْ مِنْ أَعْمَالِكُمْ شَيْئًا ۚ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ14

“අපි විශ්වාස කළෙමු” යැයි ගැමි අරාබිවරුන් පැවසූහ. “නුඹලා විශ්වාස නොකළේමය. නමුත් අපි අවනත වූයෙමු යැයි නුඹලා පවසනු. නුඹලාගේ සිත් තුළට දේව විශ්වාසය ඇතුළු වූයේ නැත. තවද නුඹලා අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වන්නෙහු නම් නුඹලාගේ ක්‍රියාවන්ගෙන් කිසිවක් ඔහු අඩු නොකරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. මහාකරුණාන්විතය.”
49:15ජුස් 26 · පි. 517

إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ آمَنُوا بِاللَّهِ وَرَسُولِهِ ثُمَّ لَمْ يَرْتَابُوا وَجَاهَدُوا بِأَمْوَالِهِمْ وَأَنْفُسِهِمْ فِي سَبِيلِ اللَّهِ ۚ أُولَٰئِكَ هُمُ الصَّادِقُونَ15

නියත වශයෙන්ම දේව විශ්වාසීන් වනුයේ අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ගැන විශ්වාස කොට පසු ව (ඒ ගැන) සැක නොකර තම ධනය හා තම ජීවිත අල්ලාහ්ගේ මාර්ගයේ කැප කළවුන් වෙති. ඔවුහුමය සත්‍යවාදීහු.
49:16ජුස් 26 · පි. 517

قُلْ أَتُعَلِّمُونَ اللَّهَ بِدِينِكُمْ وَاللَّهُ يَعْلَمُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۚ وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ16

“නුඹලාගේ දහම නුඹලා අල්ලාහ්ට උගන්වන්නෙහු දැ”යි (නබිවරය) නුඹ විමසනු. තවද අල්ලාහ් අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ දනී. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්වඥය.
49:17ජුස් 26 · පි. 517

يَمُنُّونَ عَلَيْكَ أَنْ أَسْلَمُوا ۖ قُلْ لَا تَمُنُّوا عَلَيَّ إِسْلَامَكُمْ ۖ بَلِ اللَّهُ يَمُنُّ عَلَيْكُمْ أَنْ هَدَاكُمْ لِلْإِيمَانِ إِنْ كُنْتُمْ صَادِقِينَ17

(නබිවරය,) ඔවුන් ඉස්ලාමය වැලඳ ගැනීම නුඹ වෙත කරන උපකාරයක් ලෙස ඔවුහු සලකති. “නුඹලා ඉස්ලාමය වැලඳ ගැනීම නුඹලා මා වෙත කරන උපකාරයක් ලෙස නොසලකනු. නමුත් නුඹලා (කළ ප්‍රකාශයේ) සත්‍යවාදීන් නම් (දැන ගනු) දේව විශ්වාසය වෙත නුඹලාට අල්ලාහ් මග පෙන්වීමෙන් නුඹලා වෙත උපකාර කර ඇතැ”යි නුඹ පවසනු.
49:18ජුස් 26 · පි. 517

إِنَّ اللَّهَ يَعْلَمُ غَيْبَ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَاللَّهُ بَصِيرٌ بِمَا تَعْمَلُونَ18

නියත වශයෙන්ම අල්ලාහ් අහස්හි හා මහපොළොවේ ගුප්ත දෑ පිළිබඳ ව දනී. තවද නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව නිරීක්ෂකය.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න

Muhammad Ayyub - Al-Hujurat · Tlawati