Al-Furqan

سورة الفرقان

සූරා 25 · මක්කා · 77 පද

25:1ජුස් 18 · පි. 359

تَبَارَكَ الَّذِي نَزَّلَ الْفُرْقَانَ عَلَىٰ عَبْدِهِ لِيَكُونَ لِلْعَالَمِينَ نَذِيرًا1

ලෝවැසියන්ට එය අවවාදයක් වනු පිණිස තම ගැත්තා මත මිනුම් දණ්ඩය (හෙවත් අල් කුර්ආනය) පහළ කළා වූ ඔහු උත්කෘෂ්ට විය.
25:2ජුස් 18 · පි. 359

الَّذِي لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَلَمْ يَتَّخِذْ وَلَدًا وَلَمْ يَكُنْ لَهُ شَرِيكٌ فِي الْمُلْكِ وَخَلَقَ كُلَّ شَيْءٍ فَقَدَّرَهُ تَقْدِيرًا2

ඔහු වනාහි, අහස්හි හා මහපොළොවෙහි ආධිපත්‍යය ඔහු සතුය. තවද ඔහු දරුවකු නොගත්තේය. තවද එම ආධිපත්‍යය තුළ ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැත. තවද ඔහු සියලු දෑ මැව්වේය. තවද එය නිර්ණයකින් නිර්ණය කළේය.
25:3ජුස් 18 · පි. 360

وَاتَّخَذُوا مِنْ دُونِهِ آلِهَةً لَا يَخْلُقُونَ شَيْئًا وَهُمْ يُخْلَقُونَ وَلَا يَمْلِكُونَ لِأَنْفُسِهِمْ ضَرًّا وَلَا نَفْعًا وَلَا يَمْلِكُونَ مَوْتًا وَلَا حَيَاةً وَلَا نُشُورًا3

ඔවුහු ඔහුගෙන් තොර ව වෙනත් දෙවිවරුන් ගත්තෝය. ඔවුහු පවා මවනු ලැබූවන් ලෙස සිටිය දී ඔවුහු කිසිවක් නොමවති. තවද ඔවුනට යම් හානියක් හෝ ප්‍රයෝජනයක් හෝ සැලසීමට ඔවුහු බලය නොදරති. තවද ජීවත් කරවීමට හෝ මරණයට පත් කිරීමට හෝ නැවත නැගිටුවීමට හෝ ඔවුහු බලය නොදරති.
25:4ජුස් 18 · පි. 360

وَقَالَ الَّذِينَ كَفَرُوا إِنْ هَٰذَا إِلَّا إِفْكٌ افْتَرَاهُ وَأَعَانَهُ عَلَيْهِ قَوْمٌ آخَرُونَ ۖ فَقَدْ جَاءُوا ظُلْمًا وَزُورًا4

මෙය ඔහු ගෙතූ ප්‍රබන්ධයක් මිස නැත. මේ සඳහා වෙනත් පිරිසක් ඔහුට උදව් කළේ යැයි දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් පැවසුවෝය. එහෙයින් සැබැවින්ම ඔවුහු අපරාධයක් හා අවලාදයක් ගෙන ආවෝය.
25:5ජුස් 18 · පි. 360

وَقَالُوا أَسَاطِيرُ الْأَوَّلِينَ اكْتَتَبَهَا فَهِيَ تُمْلَىٰ عَلَيْهِ بُكْرَةً وَأَصِيلًا5

ඒවා ඔහු ලියවා ගත් මුතුන් මිත්තන්ගේ ප්‍රබන්ධයන් වෙති. ඒවා ඔහු වෙත උදේ සවස කියවා පෙන්වනු ලැබේ යැයි ඔවුහු පවසති.
25:6ජුස් 18 · පි. 360

قُلْ أَنْزَلَهُ الَّذِي يَعْلَمُ السِّرَّ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ إِنَّهُ كَانَ غَفُورًا رَحِيمًا6

අහස්හි හා මහපොළොවේ රහස්‍ය දෑ දන්නා, එය පහළ කළේය. නියත වශයෙන්ම ඔහු අති ක්ෂමාශීලී හා මහා කරුණාන්විතයාණන් විය යැයි නුඹ පවසනු.
25:7ජුස් 18 · පි. 360

وَقَالُوا مَالِ هَٰذَا الرَّسُولِ يَأْكُلُ الطَّعَامَ وَيَمْشِي فِي الْأَسْوَاقِ ۙ لَوْلَا أُنْزِلَ إِلَيْهِ مَلَكٌ فَيَكُونَ مَعَهُ نَذِيرًا7

මෙම දූතයාණන්ට කුමක් වී ද? ඔහු ආහාර අනුභවය කරයි. වෙළඳ පොළ වල්හි සැරිසරයි. මොහු වෙතට මලක්වරයකු පහළ කරනු ලැබ මොහු සමග (එක්) වී ඔහු අවවාද කරන්නකු ලෙස සිටිය යුතු නොවේ ද? ඔවුහු පවසති.
25:8ජුස් 18 · පි. 360

أَوْ يُلْقَىٰ إِلَيْهِ كَنْزٌ أَوْ تَكُونُ لَهُ جَنَّةٌ يَأْكُلُ مِنْهَا ۚ وَقَالَ الظَّالِمُونَ إِنْ تَتَّبِعُونَ إِلَّا رَجُلًا مَسْحُورًا8

එසේ නැතහොත් ඔහු වෙතට නිධානයක් දෙනු ලැබියු යුතු නොවේ ද එසේත් නැතහොත් ඔහුට උයනක් වී එමගින් අනුභව කළ යුතු නොවේ ද? තවද නුඹලා අනුගමනය කරනුයේ හූනියම් කරනු ලැබූ මිනිසෙකු මිස නැතැයි අපරාධකරුවෝ පැවසූහ.
25:9ජුස් 18 · පි. 360

انْظُرْ كَيْفَ ضَرَبُوا لَكَ الْأَمْثَالَ فَضَلُّوا فَلَا يَسْتَطِيعُونَ سَبِيلًا9

ඔවුහු නුඹට උපමා ගෙන හැර පානුයේ කෙසේ දැ?යි නුඹ අධීක්ෂණයෙන් බලනු. ඔවුහු නොමග ගියහ. එහෙයින් ඔවුහු (යහ) මගක් ලබන්නට හැකියාව නොදැරූහ.
25:10ජුස් 18 · පි. 360

تَبَارَكَ الَّذِي إِنْ شَاءَ جَعَلَ لَكَ خَيْرًا مِنْ ذَٰلِكَ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ وَيَجْعَلْ لَكَ قُصُورًا10

ඔහු (අල්ලාහ්) උත්කෘෂ්ට විය. ඔහු වනාහි ඔහු අභිමත කළේ නම් මීට වඩා ශ්‍රේෂ්ඨ දෑ වශයෙන්, ඒවාට යටින් ගංගා ගලා බස්නා උයන් නුඹට තනා දෙන්නට තිබිණ. තවද ඔහු නුඹට මාලිගාවන් තනා දෙනු ඇත.
25:11ජුස් 18 · පි. 360

بَلْ كَذَّبُوا بِالسَّاعَةِ ۖ وَأَعْتَدْنَا لِمَنْ كَذَّبَ بِالسَّاعَةِ سَعِيرًا11

නමුත් ඔවුහු අවසන් හෝරාව පිළිබඳ ව බොරු කළෝය. තවද අවසන් හෝරාව බොරු කළවුනට අපි ඇවිළෙන නිරා ගින්න සූදානම් කළෙමු.
25:12ජුස් 18 · පි. 361

إِذَا رَأَتْهُمْ مِنْ مَكَانٍ بَعِيدٍ سَمِعُوا لَهَا تَغَيُّظًا وَزَفِيرًا12

ඈත ස්ථානයක සිට එය ඔවුන්ව දකින විට එහි ඇවිළෙන මහා හඬට ද ගර්ජනයට ද ඔවුහු සවන් දෙති.
25:13ජුස් 18 · පි. 361

وَإِذَا أُلْقُوا مِنْهَا مَكَانًا ضَيِّقًا مُقَرَّنِينَ دَعَوْا هُنَالِكَ ثُبُورًا13

තවද ඔවුන් බැඳ දමනු ලැබූවන් ලෙසින් එහි පටු තැනකට හෙළනු ලැබූ විට, ඔවුහු එහි විනාශය අයැදිති.
25:14ජුස් 18 · පි. 361

لَا تَدْعُوا الْيَوْمَ ثُبُورًا وَاحِدًا وَادْعُوا ثُبُورًا كَثِيرًا14

අද දින නුඹලා එක් විනාශයක් පමණක් නොඅයැදිනු. නුඹලා විනාශයන් රාශියක් අයැදිනු.
25:15ජුස් 18 · පි. 361

قُلْ أَذَٰلِكَ خَيْرٌ أَمْ جَنَّةُ الْخُلْدِ الَّتِي وُعِدَ الْمُتَّقُونَ ۚ كَانَتْ لَهُمْ جَزَاءً وَمَصِيرًا15

එය උතුම් ද? එසේ නැතහොත් බිය බැතිමතුන්හට ප්‍රතිඥා දෙනු ලැබූ සදාතනික ස්වර්ගය ද? එය ඔවුනට ප්‍රතිඵලයක් හා ගමනාන්තයක් විය යැයි පවසනු!
25:16ජුස් 18 · පි. 361

لَهُمْ فِيهَا مَا يَشَاءُونَ خَالِدِينَ ۚ كَانَ عَلَىٰ رَبِّكَ وَعْدًا مَسْئُولًا16

ඔවුනට එහි අභිමත කරන දෑ ඇත. සදාතනිකයින්ය. එය නුඹගේ පරමාධිපති වෙත පතනු ලැබූ ප්‍රතිඥාවක් විය.
25:17ජුස් 18 · පි. 361

وَيَوْمَ يَحْشُرُهُمْ وَمَا يَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ فَيَقُولُ أَأَنْتُمْ أَضْلَلْتُمْ عِبَادِي هَٰؤُلَاءِ أَمْ هُمْ ضَلُّوا السَّبِيلَ17

තවද එදින ඔවුන් හා අල්ලාහ්ගෙන් තොර ව ඔවුන් නමදිමින් සිටි දෑ ඔහු එක් රැස් කොට මාගේ ගැත්තන් වන මොවුන් නොමග යැව්වේ නුඹලා ද? එසේ නැතහොත් මොවුන් ම ඍජු මාර්ගයෙන් නොමග ගියෝ දැ?යි විමසනු ඇත.
25:18ජුස් 18 · පි. 361

قَالُوا سُبْحَانَكَ مَا كَانَ يَنْبَغِي لَنَا أَنْ نَتَّخِذَ مِنْ دُونِكَ مِنْ أَوْلِيَاءَ وَلَٰكِنْ مَتَّعْتَهُمْ وَآبَاءَهُمْ حَتَّىٰ نَسُوا الذِّكْرَ وَكَانُوا قَوْمًا بُورًا18

නුඹ සුපිවිතුරුය. නුඹගෙන් තොර ව භාරකරුවන් ගැනීමට අපට යුතු නොවීය. එනමුත් ඔවුන් මෙනෙහි කිරීම අමතක කරන තරමට නුඹ ඔවුනට හා ඔවුන්ගේ මුතුන් මිත්තන් හට භුක්ති විඳින්නට සැප පහසුකම් සැළැස්වූවෙහිය. තවද ඔවුහු විනාශ වී යන පිරිසක් වූහ. යැයි ඔවුහු පවසා සිටිනු ඇත.
25:19ජුස් 18 · පි. 361

فَقَدْ كَذَّبُوكُمْ بِمَا تَقُولُونَ فَمَا تَسْتَطِيعُونَ صَرْفًا وَلَا نَصْرًا ۚ وَمَنْ يَظْلِمْ مِنْكُمْ نُذِقْهُ عَذَابًا كَبِيرًا19

නමුත් නුඹලා පවසන දෑ සම්බන්ධයෙන් සැබැවින්ම ඔවුහුම නුඹලා බොරු කළෝය. එහෙයින් (දඬුවමින්) හැරෙන්නට හෝ උදව් ලබන්නට හෝ නුඹලා ශක්තිය නොදරන්නෙහුය. තවද නුඹලා අතුරින් කවරෙකු අපරාධ කරන්නේ ද අපි ඔහුට මහත් වූ දඬුවමක් භුක්ති විඳින්නට සළස්වමු.
25:20ජුස් 18 · පි. 361

وَمَا أَرْسَلْنَا قَبْلَكَ مِنَ الْمُرْسَلِينَ إِلَّا إِنَّهُمْ لَيَأْكُلُونَ الطَّعَامَ وَيَمْشُونَ فِي الْأَسْوَاقِ ۗ وَجَعَلْنَا بَعْضَكُمْ لِبَعْضٍ فِتْنَةً أَتَصْبِرُونَ ۗ وَكَانَ رَبُّكَ بَصِيرًا20

නුඹට පෙර වූ දහම් දූතයින් අතුරින් ඔවුන් ආහාර අනුභව කරන්නන් හා වෙළඳපොළවල්හි ගමන් කරන්නන් ලෙසින් මිස අපි නොඑව්වෙමු. තවද නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකුට පරීක්ෂණයක් බවට පත් කළෙමු. නුඹලා ඉවසා දරා ගන්නෙහු ද? තවද නුඹගේ පරමාධිපති සර්ව නිරීක්ෂක විය.
25:21ජුස් 19 · පි. 362

۞ وَقَالَ الَّذِينَ لَا يَرْجُونَ لِقَاءَنَا لَوْلَا أُنْزِلَ عَلَيْنَا الْمَلَائِكَةُ أَوْ نَرَىٰ رَبَّنَا ۗ لَقَدِ اسْتَكْبَرُوا فِي أَنْفُسِهِمْ وَعَتَوْا عُتُوًّا كَبِيرًا21

අප වෙත මලක්වරුන් පහළ කරනු ලැබ තිබිය යුතු නොවේ ද? එසේ නැතහොත් අපගේ පරමාධිපති අපි දැකිය යුතු නොවේ ද? (යැයි කියමින්) සැබැවින්ම ඔවුනොවුන් තුළම උඩඟු වූහ. මහත් ලෙස ඉක්මවා යමින් සීමාව ඉක්මවා කටයුතු කළෝය.
25:22ජුස් 19 · පි. 362

يَوْمَ يَرَوْنَ الْمَلَائِكَةَ لَا بُشْرَىٰ يَوْمَئِذٍ لِلْمُجْرِمِينَ وَيَقُولُونَ حِجْرًا مَحْجُورًا22

ඔවුන් මලක්වරුන් දකින දින කිසිදු ශුභාශිංසනයක් අපරාධකරුවන්ට එදින නොමැත. තවද වළක්වනු ලබන බාධකයක් විය යැයි ඔවුහු පවසති.
25:23ජුස් 19 · පි. 362

وَقَدِمْنَا إِلَىٰ مَا عَمِلُوا مِنْ عَمَلٍ فَجَعَلْنَاهُ هَبَاءً مَنْثُورًا23

ක්‍රියාවෙන් ඔවුන් සිදු කළ දෑ වෙතට අපි පැමිණියෙමු. පසු ව අපි එය විහිඳුණු දූවිලි බවට පත් කළෙමු.
25:24ජුස් 19 · පි. 362

أَصْحَابُ الْجَنَّةِ يَوْمَئِذٍ خَيْرٌ مُسْتَقَرًّا وَأَحْسَنُ مَقِيلًا24

(ස්වර්ග) උයනේ වැසියෝ එදින වාසස්ථානයෙන් ශ්‍රේෂ්ඨයෝ වෙති. තවද (මධ්‍යහ්න) විවේකී ස්ථානයෙන් ද වඩාත් අලංකාර වෙති.
25:25ජුස් 19 · පි. 362

وَيَوْمَ تَشَقَّقُ السَّمَاءُ بِالْغَمَامِ وَنُزِّلَ الْمَلَائِكَةُ تَنْزِيلًا25

එදින වලාකුළු මගින් අහස පැළී, මලක්වරුන් පියවරෙන් පියවර පහළ කරනු ලබති.
25:26ජුස් 19 · පි. 362

الْمُلْكُ يَوْمَئِذٍ الْحَقُّ لِلرَّحْمَٰنِ ۚ وَكَانَ يَوْمًا عَلَى الْكَافِرِينَ عَسِيرًا26

එදින සැබෑ ආධිපත්‍යය කරුණාන්විතයාණන් සතුය. තවද එය දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන් හට දුෂ්කර දිනයක් විය.
25:27ජුස් 19 · පි. 362

وَيَوْمَ يَعَضُّ الظَّالِمُ عَلَىٰ يَدَيْهِ يَقُولُ يَا لَيْتَنِي اتَّخَذْتُ مَعَ الرَّسُولِ سَبِيلًا27

තවද එදින අපරාධකරු, තම දෑත් සපා කමින් අහෝ ! දූතයාණන් සමග මා මගක් ගන්නට තිබුණා නොවේ දැයි ඔහු පවසයි.
25:28ජුස් 19 · පි. 362

يَا وَيْلَتَىٰ لَيْتَنِي لَمْ أَتَّخِذْ فُلَانًا خَلِيلًا28

අහෝ ! මාගේ විනාශය ! මම අසවල් පුද්ගලයා මිතුරෙකු සේ නොගන්නට තිබුණා නොවේ ද?
25:29ජුස් 19 · පි. 362

لَقَدْ أَضَلَّنِي عَنِ الذِّكْرِ بَعْدَ إِذْ جَاءَنِي ۗ وَكَانَ الشَّيْطَانُ لِلْإِنْسَانِ خَذُولًا29

මෙනෙහි කිරීම (හෙවත් අල් කුර්ආනය) මා වෙත පැමිණි පසු ව සැබැවින්ම ඔහු මා එයින් නොමග යැවීය. තවද ෂෙයිතාන් මිනිසාට දැඩි ද්‍රෝහියකු විය.
25:30ජුස් 19 · පි. 362

وَقَالَ الرَّسُولُ يَا رَبِّ إِنَّ قَوْمِي اتَّخَذُوا هَٰذَا الْقُرْآنَ مَهْجُورًا30

අහෝ! මාගේ පරමාධිපතියාණනි, නියත වශයෙන්ම මාගේ ජනයා මෙම කුර්ආනය අත හැර දමනු ලබන්නක් වශයෙන් ගත්තෝ යැයි රසූල්වරයා පැවසීය.
25:31ජුස් 19 · පි. 362

وَكَذَٰلِكَ جَعَلْنَا لِكُلِّ نَبِيٍّ عَدُوًّا مِنَ الْمُجْرِمِينَ ۗ وَكَفَىٰ بِرَبِّكَ هَادِيًا وَنَصِيرًا31

එලෙස අපි සෑම නබිවරයෙකුටම අපරාධකරුවන් අතුරින් සතුරෙකු පත් කළෙමු. මඟ පෙන්වන්නෙකු වශයෙන් හා උදව්කරුවෙකු වශයෙන් නුඹගේ පරමාධිපති ප්‍රමාණවත් වේ.
25:32ජුස් 19 · පි. 362

وَقَالَ الَّذِينَ كَفَرُوا لَوْلَا نُزِّلَ عَلَيْهِ الْقُرْآنُ جُمْلَةً وَاحِدَةً ۚ كَذَٰلِكَ لِنُثَبِّتَ بِهِ فُؤَادَكَ ۖ وَرَتَّلْنَاهُ تَرْتِيلًا32

ඔහු වෙත අල් කුර්ආනය එකවර එකම ගොනුවක් සේ පහළ කළ යුතු නොවේ දැ? යි දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් පැවසූහ. (අහෝ මුහම්මද්!) එලෙසය අපි එමගින් නුඹගේ හදවත් ස්ථාවර කරනු පිණිසය අපි එය කොටසින් කොටස පාරායනය කළෙමු.
25:33ජුස් 19 · පි. 363

وَلَا يَأْتُونَكَ بِمَثَلٍ إِلَّا جِئْنَاكَ بِالْحَقِّ وَأَحْسَنَ تَفْسِيرًا33

තවද ඔවුහු නුඹ වෙත උපමාවක් ගෙන නොඑති. සත්‍යය හා වඩාත් අලංකාර විග්‍රහයක් නුඹ වෙත අපි ගෙන ආවා මිස.
25:34ජුස් 19 · පි. 363

الَّذِينَ يُحْشَرُونَ عَلَىٰ وُجُوهِهِمْ إِلَىٰ جَهَنَّمَ أُولَٰئِكَ شَرٌّ مَكَانًا وَأَضَلُّ سَبِيلًا34

තම මුහුණු මතින් (ඇඳගෙන ගොස්) නිරය වෙත රැස් කරනු ලබන්නන් වන ඔවුහුමය නවාතැනින් නපුරෝ. තවද මාර්ගයෙන් වඩාත් නොමග වූවෝ.
25:35ජුස් 19 · පි. 363

وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ وَجَعَلْنَا مَعَهُ أَخَاهُ هَارُونَ وَزِيرًا35

අපි මූසාට දේව ග්‍රන්ථය පිරිනැමුවෙමු. තවද අපි ඔහු සමග ඔහුගේ සහෝදර හාරූන් උදව් කරුවකු බවට පත් කළෙමු.
25:36ජුස් 19 · පි. 363

فَقُلْنَا اذْهَبَا إِلَى الْقَوْمِ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا فَدَمَّرْنَاهُمْ تَدْمِيرًا36

අපගේ සංඥාවන් බොරු කළවුන් වෙත නුඹලා යනු යැයි පැවසුවෙමු. තවද අපි ඔවුන් සහමුලින්ම විනාශ කළෙමු.
25:37ජුස් 19 · පි. 363

وَقَوْمَ نُوحٍ لَمَّا كَذَّبُوا الرُّسُلَ أَغْرَقْنَاهُمْ وَجَعَلْنَاهُمْ لِلنَّاسِ آيَةً ۖ وَأَعْتَدْنَا لِلظَّالِمِينَ عَذَابًا أَلِيمًا37

තවද නූහ්ගේ ජනයා ද, ඔවුහු එම දහම් දූතවරුන් බොරු කළ කල්හි අපි ඔවුන් දියේ ගිල්වීමු. තවද අපි ඔවුන් ජනයාට සංඥාවක් බවට පත් කළෙමු. තවද අපි අපරාධකරුවන්ට වේදනීය දඬුවමක් පිළියෙල කළෙමු.
25:38ජුස් 19 · පි. 363

وَعَادًا وَثَمُودَ وَأَصْحَابَ الرَّسِّ وَقُرُونًا بَيْنَ ذَٰلِكَ كَثِيرًا38

තවද ආද් ජනයා සමූද් ජනයා රස් වාසීන් හා ඒ අතර වූ බොහෝමයක් පරම්පරාවන් ද (අපි විනාශ කළෙමු.)
25:39ජුස් 19 · පි. 363

وَكُلًّا ضَرَبْنَا لَهُ الْأَمْثَالَ ۖ وَكُلًّا تَبَّرْنَا تَتْبِيرًا39

තවද සියල්ලන් ගැන අපි ඔහුට උපමා ගෙන හැර පෑවෙමු. තවද ඒ සියල්ලන් අපි දරුණු ලෙස විනාශ කර දැමුවෙමු.
25:40ජුස් 19 · පි. 363

وَلَقَدْ أَتَوْا عَلَى الْقَرْيَةِ الَّتِي أُمْطِرَتْ مَطَرَ السَّوْءِ ۚ أَفَلَمْ يَكُونُوا يَرَوْنَهَا ۚ بَلْ كَانُوا لَا يَرْجُونَ نُشُورًا40

තවද ශාපකාරී වැසි වස්සනු ලැබූ ගම්මානය ඔස්සේ සැබැවින්ම ඔවුහු පැමිණියහ. එවිට ඔවුහු එය නොදුටුවෝ ද? නමුත් (මරණින් පසු) නැවත නැගිටුවනු ලැබීම ගැන ඔවුහු අපේක්ෂා නොකරන්නන් ලෙස සිටියහ.
25:41ජුස් 19 · පි. 363

وَإِذَا رَأَوْكَ إِنْ يَتَّخِذُونَكَ إِلَّا هُزُوًا أَهَٰذَا الَّذِي بَعَثَ اللَّهُ رَسُولًا41

තවද ඔවුන් නුඹ ව දුටු විට ‘දූතයකු වශයෙන් අල්ලාහ් එවා සිටියේ මොහුව දැ?’යි (පවසමින්) සරදමක් ලෙසින් මිස ඔවුහු නුඹ ව නොගනිති.
25:42ජුස් 19 · පි. 363

إِنْ كَادَ لَيُضِلُّنَا عَنْ آلِهَتِنَا لَوْلَا أَنْ صَبَرْنَا عَلَيْهَا ۚ وَسَوْفَ يَعْلَمُونَ حِينَ يَرَوْنَ الْعَذَابَ مَنْ أَضَلُّ سَبِيلًا42

අප අපගේ දෙවිවරුන් මත (ස්ථීර ලෙස) රැඳී නොසිටියා නම් ඔහු ඔවුන්ගෙන් අප නොමඟ යවන්නට තිබුණි. (යැයි ඔවුහු පවසති.) එම දඬුවම ඔවුන් දකින විට මාර්ගයෙන් වඩාත් නොමග ගියවුන් කවුරුන්දැයි ඔවුහු මතු දැන ගනු ඇත.
25:43ජුස් 19 · පි. 363

أَرَأَيْتَ مَنِ اتَّخَذَ إِلَٰهَهُ هَوَاهُ أَفَأَنْتَ تَكُونُ عَلَيْهِ وَكِيلًا43

තම ආශාවන් තම දෙවියන් ලෙස ගත් අය නුඹ නුදුටුවෙහි ද? එවිට නුඹ ඔහු වෙත භාරකරුවකු වන්නෙහි ද?
25:44ජුස් 19 · පි. 364

أَمْ تَحْسَبُ أَنَّ أَكْثَرَهُمْ يَسْمَعُونَ أَوْ يَعْقِلُونَ ۚ إِنْ هُمْ إِلَّا كَالْأَنْعَامِ ۖ بَلْ هُمْ أَضَلُّ سَبِيلًا44

නියත වශයෙන්ම ඔවුන්ගෙන් බහුතරයක් දෙනා සවන් දෙනු ඇතැයි හෝ වටහා ගනු ඇතැයි නුඹ සිතන්නෙහි ද? ඔවුන් ගොවිපළ සතුන් මෙන් මිස නැත. එසේ නොව, මාර්ගයෙන් වඩාත් නොමග ගියවුන් මොවූහුය.
25:45ජුස් 19 · පි. 364

أَلَمْ تَرَ إِلَىٰ رَبِّكَ كَيْفَ مَدَّ الظِّلَّ وَلَوْ شَاءَ لَجَعَلَهُ سَاكِنًا ثُمَّ جَعَلْنَا الشَّمْسَ عَلَيْهِ دَلِيلًا45

නුඹගේ පරමාධිපති දෙස ඔහු හෙවණැල්ල කෙසේ දිගු හැරියේ දැයි නුඹ නොබැලුවෙහි ද? තවද ඔහු අභිමත කළේ නම් එය එක්තැන් වූවක් බවට ඔහු පත් කරන්නට තිබුණි. පසු ව අපි ඒ වෙත සාධකයක් බවට හිරු පත් කළෙමු.
25:46ජුස් 19 · පි. 364

ثُمَّ قَبَضْنَاهُ إِلَيْنَا قَبْضًا يَسِيرًا46

පසු ව අපි එය සීරුවෙන් අප වෙත හසුකරගනිමින් අත්පත් කර ගන්නෙමු.
25:47ජුස් 19 · පි. 364

وَهُوَ الَّذِي جَعَلَ لَكُمُ اللَّيْلَ لِبَاسًا وَالنَّوْمَ سُبَاتًا وَجَعَلَ النَّهَارَ نُشُورًا47

රාත්‍රිය වස්ත්‍රයක් බවටත් නින්ද විවේකයක් බවටත් නුඹලාට ඇති කළේ ඔහුය. තවද දහවල ජීවනෝපාය සඳහා ඇති කළේද ඔහුය.
25:48ජුස් 19 · පි. 364

وَهُوَ الَّذِي أَرْسَلَ الرِّيَاحَ بُشْرًا بَيْنَ يَدَيْ رَحْمَتِهِ ۚ وَأَنْزَلْنَا مِنَ السَّمَاءِ مَاءً طَهُورًا48

ඔහුගේ ආශිර්වාදය අතුරින් සුළඟ ශුභාසිරි වශයෙන් එව්වේ ඔහුය. තවද අපි අහසින් පිරිසිදු ජලය පහළ කළෙමු.
25:49ජුස් 19 · පි. 364

لِنُحْيِيَ بِهِ بَلْدَةً مَيْتًا وَنُسْقِيَهُ مِمَّا خَلَقْنَا أَنْعَامًا وَأَنَاسِيَّ كَثِيرًا49

එමගින් අප මළ භූමියක් ජීවමාන කරනු පිණිසත්. අප මැවූ දෑ අතුරින් ගොවිපළ සතුන් හා බොහෝමයක් මිනිසුනට අප ජලය සපයනු පිණිසත්ය.
25:50ජුස් 19 · පි. 364

وَلَقَدْ صَرَّفْنَاهُ بَيْنَهُمْ لِيَذَّكَّرُوا فَأَبَىٰ أَكْثَرُ النَّاسِ إِلَّا كُفُورًا50

ඔවුන් මෙනෙහි කරනු පිණිස ඔවුන් අතරට එය අපි (හරව) හරවා එව්වෙමු. නමුත් ජනයා අතුරින් බොහෝමයක් දෙනා ගුණමකුභාවයෙන් මිස එය පිළිගත්තේ නැත.
25:51ජුස් 19 · පි. 364

وَلَوْ شِئْنَا لَبَعَثْنَا فِي كُلِّ قَرْيَةٍ نَذِيرًا51

අපි අභිමත කළේ නම් සෑම ගම්මානයකටම අවවාද කරන්නෙකු එවන්නට තිබුණි.
25:52ජුස් 19 · පි. 364

فَلَا تُطِعِ الْكَافِرِينَ وَجَاهِدْهُمْ بِهِ جِهَادًا كَبِيرًا52

එහෙයින් දේව ප්‍රතික්ෂේපකයින්ට නුඹ අවනත නොවනු. තවද නුඹ ඔවුන් සමග එමගින් දැඩි පරිශ්‍රමය කින් යුතු ව වෙහෙසෙනු.
25:53ජුස් 19 · පි. 364

۞ وَهُوَ الَّذِي مَرَجَ الْبَحْرَيْنِ هَٰذَا عَذْبٌ فُرَاتٌ وَهَٰذَا مِلْحٌ أُجَاجٌ وَجَعَلَ بَيْنَهُمَا بَرْزَخًا وَحِجْرًا مَحْجُورًا53

මෙය ඉමිහිරි මිරිදියයි. එය ලුණු රසැති කරදියයි යනුවෙන් මුහුදු දෙක අතර වෙන් කළේ ඔහුය. තවද ඒ දෙක අතර බාධකයක් හා තහනම් කරනු ලැබූ තහනම් සීමාවක් ඔහු ඇති කළේය.
25:54ජුස් 19 · පි. 364

وَهُوَ الَّذِي خَلَقَ مِنَ الْمَاءِ بَشَرًا فَجَعَلَهُ نَسَبًا وَصِهْرًا ۗ وَكَانَ رَبُّكَ قَدِيرًا54

ජලයෙන් මිනිසා මැව්වේ ඔහුය. පසු ව ඔහු ඔහුට පරම්පරානුගත නෑකම් ද විවාහ නෑකම් ද ඇති කළේය. තවද නුඹගේ පරමාධිපති සර්ව ශක්තිය ඇත්තාය.
25:55ජුස් 19 · පි. 364

وَيَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ مَا لَا يَنْفَعُهُمْ وَلَا يَضُرُّهُمْ ۗ وَكَانَ الْكَافِرُ عَلَىٰ رَبِّهِ ظَهِيرًا55

තවද ඔවුහු අල්ලාහ්ගෙන් තොර වූ තමන්හට ප්‍රයෝජනයක් ලබා දිය නොහැකි එමෙන්ම තමන්හට හානියක් සිදු කළ නොහැකි දෑට ගැතිකම් කරති. තවද දෙවියන් ප්‍රතික්ෂේප කරන්නා ඔහුගේ පරමාධිපතිට එරෙහි ව උර දෙන්නකු විය.
25:56ජුස් 19 · පි. 365

وَمَا أَرْسَلْنَاكَ إِلَّا مُبَشِّرًا وَنَذِيرًا56

ශුභාරංචි දන්වන්නෙකු හා අවවාද කරන්නෙකු ලෙසින් මිස අපි නුඹ ව නොඑව්වෙමු.
25:57ජුස් 19 · පි. 365

قُلْ مَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ إِلَّا مَنْ شَاءَ أَنْ يَتَّخِذَ إِلَىٰ رَبِّهِ سَبِيلًا57

කවරෙකු අභිමත කරන්නේ ද ඔහු තම පරමාධිපති වෙත වූ මගක් සොයා ගන්නට මිස (වෙනත්) කිසිදු කුලියක් මම ඒ සඳහා නුඹලාගෙන් නොඉල්ලමි යැයි නුඹ පවසනු.
25:58ජුස් 19 · පි. 365

وَتَوَكَّلْ عَلَى الْحَيِّ الَّذِي لَا يَمُوتُ وَسَبِّحْ بِحَمْدِهِ ۚ وَكَفَىٰ بِهِ بِذُنُوبِ عِبَادِهِ خَبِيرًا58

තවද අමරණීය වූ සදා ජීවමානයාණන් වෙත නුඹ භාර කරනු. තවද ඔහුගේ ප්‍රශංසාව තුළින් සුවිශුද්ධ කරනු. තම ගැත්තතන්ගේ පාපකම් පිළිබඳ තොරතුරු දන්නා වශයෙන් ඔහු ප්‍රමාණවත්ය.
25:59ජුස් 19 · පි. 365

الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَىٰ عَلَى الْعَرْشِ ۚ الرَّحْمَٰنُ فَاسْأَلْ بِهِ خَبِيرًا59

ඔහු වනාහි අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද දින හයකින් මැව්වේය. පසු ව මහාකරුණාන්විතයාණන් අර්ෂ් මත විය. එහෙයින් ඒ පිළිබඳ ව අභිඥානවන්තයා(වන ඔහු) ගෙන්ම විමසනු.
25:60ජුස් 19 · පි. 365

وَإِذَا قِيلَ لَهُمُ اسْجُدُوا لِلرَّحْمَٰنِ قَالُوا وَمَا الرَّحْمَٰنُ أَنَسْجُدُ لِمَا تَأْمُرُنَا وَزَادَهُمْ نُفُورًا ۩60

තවද මහාකරුණාන්විතයාණන්ට සුජූද් කරනුයි ඔවුනට කියනු ලැබූ විට මහා කරුණාන්විතයාණන් කවුරුන් ද? නුඹ අපට අණ කරන දෑට අපි සුජූද් කළ යුතු දැයි ඔවුහු පවසා සිටියහ. තවද එය ඔවුනට (දේව විශ්වාසයෙන්) පලා යෑම අධික කළේය.
25:61ජුස් 19 · පි. 365

تَبَارَكَ الَّذِي جَعَلَ فِي السَّمَاءِ بُرُوجًا وَجَعَلَ فِيهَا سِرَاجًا وَقَمَرًا مُنِيرًا61

අහසෙහි තාරකා මණ්ඩල ඇති කළ ඔහු උත්කෘෂ්ට විය. තවද පහන (හෙවත් සූර්යයා)ද ආලෝකය විහිදුවන සඳු ද ඔහු එහි ඇති කළේය.
25:62ජුස් 19 · පි. 365

وَهُوَ الَّذِي جَعَلَ اللَّيْلَ وَالنَّهَارَ خِلْفَةً لِمَنْ أَرَادَ أَنْ يَذَّكَّرَ أَوْ أَرَادَ شُكُورًا62

තවද උපදෙස් ලබන්නට අපේක්ෂා කරන්නන්ට හෝ කෘතවේදීත්වය අපේක්ෂා කරන්නන්ට හෝ රාත්‍රිය හා දහවල විවිධත්වයෙන් යුතුව ඇති කළේ ඔහුය.
25:63ජුස් 19 · පි. 365

وَعِبَادُ الرَّحْمَٰنِ الَّذِينَ يَمْشُونَ عَلَى الْأَرْضِ هَوْنًا وَإِذَا خَاطَبَهُمُ الْجَاهِلُونَ قَالُوا سَلَامًا63

මහාකරුණාන්විතයාණන්ගේ ගැත්තන් වනාහි ඔවුහු මහපොළොව මත නිහතමානී ව ගමන් කරති. අඥානයෝ ඔවුන් සමග කතා කළ විට සාමය වේවා! යැයි පවසති.
25:64ජුස් 19 · පි. 365

وَالَّذِينَ يَبِيتُونَ لِرَبِّهِمْ سُجَّدًا وَقِيَامًا64

තවද ඔවුහු වනාහි තම පරමාධිපතිට සුජූද් කරමින් ද නැගිට සිටිමින් ද රාත්‍රිය ගත කරන්නෝ වෙති.
25:65ජුස් 19 · පි. 365

وَالَّذِينَ يَقُولُونَ رَبَّنَا اصْرِفْ عَنَّا عَذَابَ جَهَنَّمَ ۖ إِنَّ عَذَابَهَا كَانَ غَرَامًا65

තවද අපෙග් පරමාධිපතියාණනි, නිරයේ දඬුවම අපගෙන් ඉවත් කරනු මැනව! නියත වශයෙන්ම එහි දඬුවම අනිවාර්යය වන්නක් විය.
25:66ජුස් 19 · පි. 365

إِنَّهَا سَاءَتْ مُسْتَقَرًّا وَمُقَامًا66

නියත වශයෙන්ම එය වාසස්ථානයෙන් හා නවාතැනින් නපුරු විය.
25:67ජුස් 19 · පි. 365

وَالَّذِينَ إِذَا أَنْفَقُوا لَمْ يُسْرِفُوا وَلَمْ يَقْتُرُوا وَكَانَ بَيْنَ ذَٰلِكَ قَوَامًا67

තවද ඔවුහු වනාහි, ඔවුන් වියදම් කරන විට නාස්ති නොකරති. තවද මසුරු ද නොවෙති. ඒ අතර මැද මාවතක එය විය.
25:68ජුස් 19 · පි. 366

وَالَّذِينَ لَا يَدْعُونَ مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ وَلَا يَقْتُلُونَ النَّفْسَ الَّتِي حَرَّمَ اللَّهُ إِلَّا بِالْحَقِّ وَلَا يَزْنُونَ ۚ وَمَنْ يَفْعَلْ ذَٰلِكَ يَلْقَ أَثَامًا68

තවද ඔවුහු වනාහි අල්ලාහ් සමග තවත් දෙවියකුට කන්නලව් නොකරති. තවද අල්ලාහ් (විනාශ කිරීමට) තහනම් කළ ආත්මය යුක්තියෙන් තොර ව මිස ඔවුහු ඝාතනය නොකරති. තවද කාම අපචාරයේ නිරත නොවෙති. තවද කවරෙකු එය සිදු කරන්නේ ද ඔහු ප්‍රතිවිපාකය ලබනු ඇත.
25:69ජුස් 19 · පි. 366

يُضَاعَفْ لَهُ الْعَذَابُ يَوْمَ الْقِيَامَةِ وَيَخْلُدْ فِيهِ مُهَانًا69

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එම දඬුවම ඔහුට ගුණ කරනු ලැබේ. ඔහු එහි නින්දාවට පත් ව සදාකල් වෙසෙනු ඇත.
25:70ජුස් 19 · පි. 366

إِلَّا مَنْ تَابَ وَآمَنَ وَعَمِلَ عَمَلًا صَالِحًا فَأُولَٰئِكَ يُبَدِّلُ اللَّهُ سَيِّئَاتِهِمْ حَسَنَاتٍ ۗ وَكَانَ اللَّهُ غَفُورًا رَحِيمًا70

නමුත් පශ්චාත්තාප වී විශ්වාස කොට යහකම් සිදු කළ අය හැර. තම පාපකම් යහකම් බවට අල්ලාහ් පරිවර්තනය කරන උදවිය ඔවුහුමය. තවද අල්ලාහ් අතික්ෂමාශීලී මහාකරුණාන්විතයාණන් විය.
25:71ජුස් 19 · පි. 366

وَمَنْ تَابَ وَعَمِلَ صَالِحًا فَإِنَّهُ يَتُوبُ إِلَى اللَّهِ مَتَابًا71

තවද කවරෙකු පශ්චාත්තාප වී යහකම් සිදු කළේ ද එවිට නියත වශයෙන්ම ඔහු පාප ක්ෂමාව පිළිගත හැකි අයුරින් අල්ලාහ් වෙත පශ්චාත්තාප වී යොමුවන්නෙකු වනු ඇත.
25:72ජුස් 19 · පි. 366

وَالَّذِينَ لَا يَشْهَدُونَ الزُّورَ وَإِذَا مَرُّوا بِاللَّغْوِ مَرُّوا كِرَامًا72

තවද ඔවුහු වනාහි බොරුව ට සාක්ෂි නොදරති. තවද ඵලක් නැති දෑ අසලින් ඔවුන් ගමන් ගත් විට ගෞරවාන්විත අයුරින් ඔවුහු ගමන් ගනිති.
25:73ජුස් 19 · පි. 366

وَالَّذِينَ إِذَا ذُكِّرُوا بِآيَاتِ رَبِّهِمْ لَمْ يَخِرُّوا عَلَيْهَا صُمًّا وَعُمْيَانًا73

තවද ඔවුහු වනාහි ඔවුන්ගේ පරමාධිපතිගේ වදන් මෙනෙහි කරනු ලබන විට බිහිරි බවින් හෝ අන්ධ බවින් හෝ ඒ මත නොවැටෙති.
25:74 · Our Lord, grant us from our spousesජුස් 19 · පි. 366

وَالَّذِينَ يَقُولُونَ رَبَّنَا هَبْ لَنَا مِنْ أَزْوَاجِنَا وَذُرِّيَّاتِنَا قُرَّةَ أَعْيُنٍ وَاجْعَلْنَا لِلْمُتَّقِينَ إِمَامًا74

තවද ඔවුහු වනාහි ‘අපගේ පරමාධිපතියාණනි, අපගේ බිරියන්ගෙන් ද අපගේ දරු පරපුරෙන් ද නෙත් පිනවන සිසිල අපට ඇති කරනු මැනව ! තවද බිය බැතිමතුන් මෙහෙයවන්නන් බවට අප පත් කරනු මැනව ! යැයි පවසන්නන් වෙති.
25:75ජුස් 19 · පි. 366

أُولَٰئِكَ يُجْزَوْنَ الْغُرْفَةَ بِمَا صَبَرُوا وَيُلَقَّوْنَ فِيهَا تَحِيَّةً وَسَلَامًا75

ඔවුන් ඉවසා සිටි බැවින් (ස්වර්ග) කුටි පිරිනමනු ලබන්නෝ ඔවුහුමය. තවද ඔවුහු එහි සුබ පැතුම් හා සලාම් සමග පිළිගනු ලබති.
25:76ජුස් 19 · පි. 366

خَالِدِينَ فِيهَا ۚ حَسُنَتْ مُسْتَقَرًّا وَمُقَامًا76

ඔවුහු එහි සදාතනිකයින් වෙති. වාසස්ථානයෙන් හා නවාතැනින් එය යහපත් විය.
25:77ජුස් 19 · පි. 366

قُلْ مَا يَعْبَأُ بِكُمْ رَبِّي لَوْلَا دُعَاؤُكُمْ ۖ فَقَدْ كَذَّبْتُمْ فَسَوْفَ يَكُونُ لِزَامًا77

නුඹලාගේ කන්නලව් නොවී නම් මාගේ පරමාධිපති නුඹලා ව නොසලකා හරිනු ඇත. නමුත් නුඹලා බොරු කළෙහුය. එහෙයින් (දඬුවමේ) නියමය මතු සිදු වනු ඇත.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න

Muhammad Ayyub - Al-Furqan · Tlawati