At-Takathur

سورة التكاثر

සූරා 102 · මදීනා · 8 පද

102:1ජුස් 30 · පි. 600

أَلْهَاكُمُ التَّكَاثُرُ1

තරඟ වදිමින් (වස්තුව) අධික ලෙස රැස් කිරීම (අල්ලාහ් ව සිහිපත් කිරීමෙන්) නුඹලා ව වෙනතකට යොමු කර ඇත.
102:2ජුස් 30 · පි. 600

حَتَّىٰ زُرْتُمُ الْمَقَابِرَ2

නුඹලා මිනීවළවල් හමු වන තුරු
102:3ජුස් 30 · පි. 600

كَلَّا سَوْفَ تَعْلَمُونَ3

එසේ නොව, නුඹලා මතු දැන ගන්නෙහුය.
102:4ජුස් 30 · පි. 600

ثُمَّ كَلَّا سَوْفَ تَعْلَمُونَ4

යළි එසේ නොව, නුඹලා මතු දැන ගන්නෙහුය.
102:5ජුස් 30 · පි. 600

كَلَّا لَوْ تَعْلَمُونَ عِلْمَ الْيَقِينِ5

එසේ නොව නුඹලා ස්ථාවර දැනුමින් දැන ගන්නෙහු නම්
102:6ජුස් 30 · පි. 600

لَتَرَوُنَّ الْجَحِيمَ6

නුඹලා සැබැවින්ම නිරය දකිනු ඇත.
102:7ජුස් 30 · පි. 600

ثُمَّ لَتَرَوُنَّهَا عَيْنَ الْيَقِينِ7

පසු ව නුඹලා එය තිරසාර ලෙස දකිනු ඇත.
102:8ජුස් 30 · පි. 600

ثُمَّ لَتُسْأَلُنَّ يَوْمَئِذٍ عَنِ النَّعِيمِ8

තවද එදින නුඹලා (භුක්ති වින්දා වූ) සැප සම්පත් පිළිබඳ ව විමසනු ලබනු ඇත.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න

Muhammad Ayyub - At-Takathur · Tlawati