Al-Adiyat

سورة العاديات

සූරා 100 · මක්කා · 11 පද

100:1ජුස් 30 · පි. 599

وَالْعَادِيَاتِ ضَبْحًا1

හති දමමින් වේගයෙන් දිව යන දෑ මත දිවුරමින්
100:2ජුස් 30 · පි. 599

فَالْمُورِيَاتِ قَدْحًا2

කුර ගැටීමෙන් ගිනි පුපුරු නංවන දෑ මතද
100:3ජුස් 30 · පි. 599

فَالْمُغِيرَاتِ صُبْحًا3

තවද අලුයමෙහි ආක්‍රමණය කරන දෑ මතද දිවුරමින්
100:4ජුස් 30 · පි. 599

فَأَثَرْنَ بِهِ نَقْعًا4

එවිට එමගින් උන් දූවිලි නංවමින්
100:5ජුස් 30 · පි. 599

فَوَسَطْنَ بِهِ جَمْعًا5

කණ්ඩායම් වශයෙන් (සතුරන්) මැදට පිවිසෙති.
100:6ජුස් 30 · පි. 600

إِنَّ الْإِنْسَانَ لِرَبِّهِ لَكَنُودٌ6

නියත වශයෙන්ම මිනිසා තම පරමාධිපතිට ගුණමකුය.
100:7ජුස් 30 · පි. 600

وَإِنَّهُ عَلَىٰ ذَٰلِكَ لَشَهِيدٌ7

තවද ඇත්තෙන්ම ඔහු එයට සාක්ෂිකරුවෙක් වේ.
100:8ජුස් 30 · පි. 600

وَإِنَّهُ لِحُبِّ الْخَيْرِ لَشَدِيدٌ8

තවද ඇත්තෙන්ම ඔහු වස්තුවට දැඩි ලෙස ඇලුම් කරන්නෙක් වේ
100:9ජුස් 30 · පි. 600

۞ أَفَلَا يَعْلَمُ إِذَا بُعْثِرَ مَا فِي الْقُبُورِ9

නමුත් මිනීවළවල් තුළ ඇති දෑ පිට කරනු ලබන වග ඔහු නොදන්නේ ද?
100:10ජුස් 30 · පි. 600

وَحُصِّلَ مَا فِي الصُّدُورِ10

තවද හදවත් තුළ ඇති දෑ හෙළි කරනු ලබන වග (ඔහු නොදන්නේ) ද?
100:11ජුස් 30 · පි. 600

إِنَّ رَبَّهُمْ بِهِمْ يَوْمَئِذٍ لَخَبِيرٌ11

නියත වශයෙන්ම එදින ඔවුන්ගේ පරමාධිපති ඔවුන් පිළිබඳ ව සර්ව ප්‍රඥාවන්තය.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න

Muhammad Ayyub - Al-Adiyat · Tlawati