وَالْمُرْسَلَاتِ عُرْفًا1
අඛණ්ඩ ව එවනු ලබන සුළං මත දිවුරමින්
فَالْعَاصِفَاتِ عَصْفًا2
දැඩි ලෙස හමන සැඩ සුළං මත දිවුරමින්.
وَالنَّاشِرَاتِ نَشْرًا3
(වලාවන්) විසිරුවා හරින සුළං මත දිවුරමින්.
فَالْفَارِقَاتِ فَرْقًا4
වෙන් වෙන් ව වෙන් කරන දෑ මත දිවුරමින්.
فَالْمُلْقِيَاتِ ذِكْرًا5
මෙනෙහි කිරීමක් වශයෙන් (හදවතට) හෙළන දෑ මත දිවුරමින්.
عُذْرًا أَوْ نُذْرًا6
හේතු සාධකයක් වශයෙන් නැතහොත් අවවාදයක් වශයෙන් ද
إِنَّمَا تُوعَدُونَ لَوَاقِعٌ7
නියත වශයෙන්ම නුඹලාට ප්රතිඥා දෙනු ලබන දෑ සිදුවන්නකි.
فَإِذَا النُّجُومُ طُمِسَتْ8
තරු එහි ආලෝකය මකා දමනු ලබන විට
وَإِذَا السَّمَاءُ فُرِجَتْ9
තවද අහස පුපුරා හරිනු ලබන විට
وَإِذَا الْجِبَالُ نُسِفَتْ10
කඳු දූවිලි බවට පත් කරනු ලබන විට.
وَإِذَا الرُّسُلُ أُقِّتَتْ11
තවද ධර්ම දූතවරුන් එක් රැස් කරනු ලබන විට
لِأَيِّ يَوْمٍ أُجِّلَتْ12
කවර දිනයක් සඳහා මෙය කල් දමනු ලද්දේ ද?
لِيَوْمِ الْفَصْلِ13
(එය) විනිශ්චය දිනය සඳහාය.
وَمَا أَدْرَاكَ مَا يَوْمُ الْفَصْلِ14
විනිශ්චය දිනය යනු කුමක්දැයි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ15
බොරු කළවුනට එදින විනාශයයි.
أَلَمْ نُهْلِكِ الْأَوَّلِينَ16
මුල සිටියවුන් අපි විනාශ නොකළෙමු ද?
ثُمَّ نُتْبِعُهُمُ الْآخِرِينَ17
පසු ව අපි ඔවුන් සමග පසු පැමිණියවුන් ද අනුගමනය කළෙමු.
كَذَٰلِكَ نَفْعَلُ بِالْمُجْرِمِينَ18
අපරාධකරුවන්ට අපි සිදු කරනුයේ එලෙසය.
وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ19
බොරු කළවුනට එදින විනාශයයි.
أَلَمْ نَخْلُقْكُمْ مِنْ مَاءٍ مَهِينٍ20
ඉතා පහත් වූ ද්රාවණයකින් අපි නුඹලා නොමැව්වෙමු ද?
فَجَعَلْنَاهُ فِي قَرَارٍ مَكِينٍ21
එවිට ආරක්ෂිත ස්ථානයක අපි එය තැන්පත් කළෙමු.
إِلَىٰ قَدَرٍ مَعْلُومٍ22
නියමිත කාල පරිච්ඡේදයක් දක්වා
فَقَدَرْنَا فَنِعْمَ الْقَادِرُونَ23
එවිට අපි බලය යෙදෙව්වෙමු. එහෙයින් අපි බලධාරීන්ගෙන් විශිෂ්ටයින් වීමු.
وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ24
බොරු කළවුනට එදින විනාශයයි.
أَلَمْ نَجْعَلِ الْأَرْضَ كِفَاتًا25
මහපොළොව ප්රමාණවත් ලෙස අපි පත් නොකළෙමු ද?
أَحْيَاءً وَأَمْوَاتًا26
ජීවත් වන්නන්ට හා මළවුන්ට
وَجَعَلْنَا فِيهَا رَوَاسِيَ شَامِخَاتٍ وَأَسْقَيْنَاكُمْ مَاءً فُرَاتًا27
තවද එහි අපි උස් කඳු මුදුන් ඇති කළෙමු. තවද ඉමිහිරි ජලය පානය සඳහා අපි නුඹලාට පවහනය කළෙමු.
وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ28
බොරු කළවුනට එදින විනාශයයි.
انْطَلِقُوا إِلَىٰ مَا كُنْتُمْ بِهِ تُكَذِّبُونَ29
නුඹලා කවර දෙයක් බොරු කරමින් සිටියේ ද ඒ වෙතට නුඹලා ගමන් කරනු.
انْطَلِقُوا إِلَىٰ ظِلٍّ ذِي ثَلَاثِ شُعَبٍ30
ශාඛා තුනකින් සමන්විත හෙවණ වෙත ගමන් කරනු.
لَا ظَلِيلٍ وَلَا يُغْنِي مِنَ اللَّهَبِ31
එය හෙවණ ලබා දෙන්නක් ලෙසින් නැත. එමෙන්ම එය ගිනි දැල්ලෙන් ආරක්ෂා කරන්නක් ද නොවෙයි.
إِنَّهَا تَرْمِي بِشَرَرٍ كَالْقَصْرِ32
නියත වශයෙන්ම එය මාලිගා මෙන් (උසට) දරුණු ලෙස ගිනි දැල් හෙළයි.
كَأَنَّهُ جِمَالَتٌ صُفْرٌ33
එය කහ පැහැති ඔටු රංචුවක් මෙන් පවතී.
وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ34
බොරු කළවුනට එදින විනාශයයි.
هَٰذَا يَوْمُ لَا يَنْطِقُونَ35
එය ඔවුන් කතා නොකරන දිනයකි.
وَلَا يُؤْذَنُ لَهُمْ فَيَعْتَذِرُونَ36
ඔවුන් නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඔවුනට අනුමැතිය දෙනු නොලැබේ.
وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ37
බොරු කළවුනට එදින විනාශයයි.
هَٰذَا يَوْمُ الْفَصْلِ ۖ جَمَعْنَاكُمْ وَالْأَوَّلِينَ38
මෙය විනිශ්චයේ දිනයයි. අපි නුඹලා හා මුතුන් මිත්තන් එක් රැස් කළෙමු.
فَإِنْ كَانَ لَكُمْ كَيْدٌ فَكِيدُونِ39
එහෙයින් නුඹලාට යම් කුමන්ත්රණයක් තිබේ නම් නුඹලා මට කුමන්ත්රණය කරනු.
وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ40
බොරු කළවුනට එදින විනාශයයි.
إِنَّ الْمُتَّقِينَ فِي ظِلَالٍ وَعُيُونٍ41
නියත වශයෙන්ම බිය බැතිමතුන් හෙවණ හා උල්පත් අතර වෙති.
وَفَوَاكِهَ مِمَّا يَشْتَهُونَ42
තවද ඔවුන් ආශා කරන පලතුරු අතර ද
كُلُوا وَاشْرَبُوا هَنِيئًا بِمَا كُنْتُمْ تَعْمَلُونَ43
නුඹලා සිදු කරමින් සිටි දෑ හේතුවෙන් නුඹලා සැපසේ අනුභව කරනු. තවද පානය කරනු (යැයි කියනු ලැබේ.)
إِنَّا كَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ44
නියත වශයෙන්ම මෙලෙසය අපි දැහැමියන්ට ප්රතිඵල පිරිනමනුයේ.
وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ45
බොරු කළවුනට එදින විනාශයයි.
كُلُوا وَتَمَتَّعُوا قَلِيلًا إِنَّكُمْ مُجْرِمُونَ46
නුඹලා අනුභව කරනු. තවද මද කලක් භුක්ති විඳිනු. නියත වශයෙන්ම නුඹලා අපරාධකරුවන්ය.
وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ47
බොරු කළවුනට එදින විනාශයයි
وَإِذَا قِيلَ لَهُمُ ارْكَعُوا لَا يَرْكَعُونَ48
(මෙලොවෙහි) ඔවුනට (දණින් අල්ලමින් නැවී) රුකූඋ කරන්නැයි පවසනු ලබන විට ඔවුහු රුකූඋ නොකරති.
وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ49
බොරු කළවුනට එදින විනාශයයි.
فَبِأَيِّ حَدِيثٍ بَعْدَهُ يُؤْمِنُونَ50
මින් පසු ව ඔවුන් විශ්වාස කරනුයේ කවර ප්රකාශයක් ද?