سَأَلَ سَائِلٌ بِعَذَابٍ وَاقِعٍ1
සිදු වන දඬුවමක් පිළිබඳ විමසන්නෙකු විමසුවේය.
لِلْكَافِرِينَ لَيْسَ لَهُ دَافِعٌ2
දේව ප්රතික්ෂේපකයින්හට එය වළක්වන කිසිවෙකු හෝ නොමැත.
مِنَ اللَّهِ ذِي الْمَعَارِجِ3
ආරෝහණ ක්රියාවලිය හිමි අල්ලාහ්ගෙන් (වළක්වාලන කිසිවකු නොමැත)
تَعْرُجُ الْمَلَائِكَةُ وَالرُّوحُ إِلَيْهِ فِي يَوْمٍ كَانَ مِقْدَارُهُ خَمْسِينَ أَلْفَ سَنَةٍ4
එහි කාල ප්රමාණය වසර පනස් දහසක් වන දිනයක මලක්වරුන් හා ආත්මය (ජිබ්රීල්) ඔහු වෙත ආරෝහණය වෙයි.
فَاصْبِرْ صَبْرًا جَمِيلًا5
එහෙයින් ඔබ අලංකාර අයුරින් ඉවසා දරා ගනු.
إِنَّهُمْ يَرَوْنَهُ بَعِيدًا6
නියත වශයෙන්ම එය අධික දුරින් ඇති බව ඔවුහු සිතති.
وَنَرَاهُ قَرِيبًا7
නමුත් අපි එය සමීපයෙන් දකිමු.
يَوْمَ تَكُونُ السَّمَاءُ كَالْمُهْلِ8
එදින අහස උණු වූ තඹ මෙන් වනු ඇත.
وَتَكُونُ الْجِبَالُ كَالْعِهْنِ9
තවද කඳු ලොම් මෙන් වනු ඇත.
وَلَا يَسْأَلُ حَمِيمٌ حَمِيمًا10
මිතුරෙක් මිතුරෙකු ගැන ප්රශ්න නොකරයි.
يُبَصَّرُونَهُمْ ۚ يَوَدُّ الْمُجْرِمُ لَوْ يَفْتَدِي مِنْ عَذَابِ يَوْمِئِذٍ بِبَنِيهِ11
ඔවුන් එකිනෙකා දකිනු ඇත. එවිට අපරාධකරුවා එදින දඬුවමින් මිදීම සඳහා තම දරුවන්
وَصَاحِبَتِهِ وَأَخِيهِ12
තම බිරිය තම සහෝදරයා
وَفَصِيلَتِهِ الَّتِي تُؤْوِيهِ13
ඔහු සමඟ සම්බන්ධකම් පැවැත් වූ තම ඥාතීන්
وَمَنْ فِي الْأَرْضِ جَمِيعًا ثُمَّ يُنْجِيهِ14
හා මහපොළොවේ සිටින සියලු දෙනා හෝ වන්දි වශයෙන් ලබා දී පසු ව ඒවා තමන් මුදවා ගත යුතු යැයි ප්රිය කරයි.
كَلَّا ۖ إِنَّهَا لَظَىٰ15
එසේ නොව නියත වශයෙන්ම එය දවාළන ගින්නය.
نَزَّاعَةً لِلشَّوَىٰ16
(එය හිස්කබලේ) චර්මය ගලවා දමන්නකි.
تَدْعُو مَنْ أَدْبَرَ وَتَوَلَّىٰ17
එය (මෙලොවෙහි දේව විශ්වාසය නොතකා) පසුපස හැරී පලා ගොස්
وَجَمَعَ فَأَوْعَىٰ18
(වස්තුව) රැස් කොට එය තැන්පත් කර (සඟවා) තැබු අයට ආරාධනා කරයි.
۞ إِنَّ الْإِنْسَانَ خُلِقَ هَلُوعًا19
නියත වශයෙන්ම මිනිසා කලබලකාරී ලෙසින් මවනු ලැබීය.
إِذَا مَسَّهُ الشَّرُّ جَزُوعًا20
ඔහුට අයහපතක් වැලඳුණු විට නොසන්සුන්වන්නකු ලෙස සිටියි.
وَإِذَا مَسَّهُ الْخَيْرُ مَنُوعًا21
තවද ඔහුට යහපත වැලඳුණු විට (නොදී) රඳවා ගන්නකු ලෙස සිටියි.
إِلَّا الْمُصَلِّينَ22
නමුත් සලාතය ඉටු කරන්නන් හැර.
الَّذِينَ هُمْ عَلَىٰ صَلَاتِهِمْ دَائِمُونَ23
ඔවුන් වනාහි ඔවුන්ගේ සලාතයෙහි නිරතුරුවම නිරතවන්නන් වෙති.
وَالَّذِينَ فِي أَمْوَالِهِمْ حَقٌّ مَعْلُومٌ24
තවද ඔවුන් වනාහි ඔවුන්ගේ ධනයෙහි නියමිතකොටසක් ඇත
لِلسَّائِلِ وَالْمَحْرُومِ25
අයදින්නන්ට හා (අයදීමෙන්) වළක්වනු ලැබූවන්ට
وَالَّذِينَ يُصَدِّقُونَ بِيَوْمِ الدِّينِ26
තවද ඔවුන් වනාහි විනිශ්චය දිනය පිළිබඳ ව සත්යය කරති.
وَالَّذِينَ هُمْ مِنْ عَذَابِ رَبِّهِمْ مُشْفِقُونَ27
තවද ඔවුන් වනාහි ඔවුන්ගේ පරමාධිපතිගේ දඬුවම පිළිබඳ ව බියෙන් සිටිති.
إِنَّ عَذَابَ رَبِّهِمْ غَيْرُ مَأْمُونٍ28
නියත වශයෙන්ම ඔවුන්ගේ පරමාධිපතිගේ දඬුවම සුරක්ෂිත භාවයෙන් තොරවු කරුණකි.
وَالَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَافِظُونَ29
තවද ඔවුහු වනාහි ඔවුන්ගේ ලිංගේන්ද්රියන් සුරක්ෂා කර ගන්නෝ වෙති.
إِلَّا عَلَىٰ أَزْوَاجِهِمْ أَوْ مَا مَلَكَتْ أَيْمَانُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ30
නමුත් ඔවුන්ගේ බිරියන් හා ඔවුන්ගේ දකුණත් හිමි කර ගත් කාන්තාවන්ට හැර. ඒ හේතුවෙන් නියත වශයෙන්ම ඔවුන් දොස් නගනු ලබන්නන් නොවෙති.
فَمَنِ ابْتَغَىٰ وَرَاءَ ذَٰلِكَ فَأُولَٰئِكَ هُمُ الْعَادُونَ31
එහෙයින් කවරෙකු ඉන් ඔබ්බට සොයන්නේ ද එවිට ඔවුහුමය උල්ලංඝනය කරන්නෝ.
وَالَّذِينَ هُمْ لِأَمَانَاتِهِمْ وَعَهْدِهِمْ رَاعُونَ32
තවද ඔවුහු වනාහි ඔවුන් වෙත පැවරුණු විශ්වාසභාරය හා ඔවුන්ගේ ගිවිසුම් (නිසි අයුරින්) රකින්නන් වෙති.
وَالَّذِينَ هُمْ بِشَهَادَاتِهِمْ قَائِمُونَ33
තවද ඔවුහු වනාහි ඔවුන්ගේ සාක්ෂි ගැන ස්ථාවර ව සිටින්නන් වෙති.
وَالَّذِينَ هُمْ عَلَىٰ صَلَاتِهِمْ يُحَافِظُونَ34
තවද ඔවුහු වනාහි ඔවුන්ගේ සලාතයන් මත සුරක්ෂා කරන්නෝ වෙති.
أُولَٰئِكَ فِي جَنَّاتٍ مُكْرَمُونَ35
ස්වර්ග උයන්හි සම්භාවනීය අය ඔවුහුමය.
فَمَالِ الَّذِينَ كَفَرُوا قِبَلَكَ مُهْطِعِينَ36
ප්රතික්ෂේප කළවුන් නුඹ ඉදිරියේ සිට කඩිනම් පැමිණෙනුයේ ඇයි?
عَنِ الْيَمِينِ وَعَنِ الشِّمَالِ عِزِينَ37
දකුණු පැත්තෙන් හා වම් පැත්තෙන් කණ්ඩායම් වශයෙන්
أَيَطْمَعُ كُلُّ امْرِئٍ مِنْهُمْ أَنْ يُدْخَلَ جَنَّةَ نَعِيمٍ38
ඔවුන් අතුරින් සෑම කෙනෙකුම සුව පහසුකම් ඇති ස්වර්ග උයනට ඇතුළු කරනු ලැබීම ගැන ආශා කරන්නේ ද?
كَلَّا ۖ إِنَّا خَلَقْنَاهُمْ مِمَّا يَعْلَمُونَ39
එසේ නොවේ. ඔවුන් දන්නා දැයින් නියත වශයෙන්ම අපි ඔවුන් මැව්වෙමු.
فَلَا أُقْسِمُ بِرَبِّ الْمَشَارِقِ وَالْمَغَارِبِ إِنَّا لَقَادِرُونَ40
පෙරදිගවල් හා අපරදිගවල්හි පරමාධිපති මත දිවුරා පවසමි. නියත වශයෙන්ම අපි බලය දරන්නෝ වෙමු.
عَلَىٰ أَنْ نُبَدِّلَ خَيْرًا مِنْهُمْ وَمَا نَحْنُ بِمَسْبُوقِينَ41
(ඔවුන් වෙනුවට) ඔවුනට වඩා යහපත් අය ආදේශ කිරීමට. තවද අපි අබිබවා යනු ලබන්නන් නොවෙමු.
فَذَرْهُمْ يَخُوضُوا وَيَلْعَبُوا حَتَّىٰ يُلَاقُوا يَوْمَهُمُ الَّذِي يُوعَدُونَ42
ඔවුනට ප්රතිඥා දෙනු ලැබූ ඔවුන්ගේ දිනය ඔවුන් හමු වන තුරු ඔවුන් නිෂ්ඵල කතාවෙහි නිරත වීමට ද කෙළි ලොල් කිරීමට ද ඔවුනට ඉඩ දෙනු.
يَوْمَ يَخْرُجُونَ مِنَ الْأَجْدَاثِ سِرَاعًا كَأَنَّهُمْ إِلَىٰ نُصُبٍ يُوفِضُونَ43
පිළිම වෙත ඔවුන් වේගයෙන් දුවන්නාක් මෙන් ඉතා වේගයෙන් එදින මිනී වළවල් වලින් ඔවුහු බැහැර වෙති.
خَاشِعَةً أَبْصَارُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌ ۚ ذَٰلِكَ الْيَوْمُ الَّذِي كَانُوا يُوعَدُونَ44
ඔවුන්ගේ බැල්ම පහත් ව පවතී. අවමානය ඔවුන් වෙළා ගනු ඇත. ඔවුන් ප්රතිඥා දෙනු ලබමින් සිටි දිනය එය වේ.